ඉන්දියාවෙන් තවත් එන්නතක් එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 17, 2021

ඉන්දියාවෙන් තවත් එන්නතක් එනවා

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි, සියයට 90 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන ප්‍රතිශක්තිකරණ එන්නතක් ඉන්දියාවේ 'බයෝලොජිකල් ඊ' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. 

'බයෝලොජිකල් ඊ' ඖෂධ නිෂ්පාදන සමාගම මෙම එන්නත නම් කර ඇත්තේ 'කෝර්බෙවැක්ස්' Corbevax යන නමිනි. 'කෝර්බෙවැක්ස්' එන්නත සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇත්තේ ඉන්දීය රජයේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධාන වෛද්‍ය එන්.කේ. ඔරෝරා ය.

'බයෝලොජිකල් ඊ' ඖෂධ නිෂ්පාදන සමාගම මේ වනවිටත් ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් පර්යේෂණ දත්ත ඉන්දීය ඖෂධ පාලන අධිකාරියට, වෛද්‍යවරුන්ට සහ ඉන්දීය රජයේ කොරෝනා මර්දන කාර්යයට ලබා දී ඇත. ඒ, නව එන්නත සම්බන්ධයෙන් සිදුවන අධ්‍යයනය කටයුතු සඳහාය.

'බයෝලොජිකල් ඊ' තෙලන්ගානා ප්‍රාන්තයේ පිහිටි ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමකි. ඔවුන් පවසන්නේ, 'කෝර්බෙවැක්ස්' Corbevax එන්නත මේ වනවිට තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම්වලට යොදාගෙන අවසන් බවය. 

එන්නත ඔක්තෝබර් මාසය වනවිට එළිදැක්වීමට බලාපොරොත්තු වන බව ද 'බයෝලොජිකල් ඊ' සමාගම පවසා ඇත. ඒ අනුව, සියයට සියයක් ඉන්දියාවේ නිෂ්පාදනය කරන දෙවැනි කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වනු ඇත්තේ මෙයයි. 

මේ වනවිට ඉන්දියාවේ එන්නත් දෙකක් නිපදවෙයි. එයින් එකක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී, ඉන්දියාවේ පූනේ නුවර 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් කර ගනිමින් නිපදවන 'කොවිෂීල්ඩ්' එන්නතය. 

ඒ අනුව, 'කොවිෂීල්ඩ්' සියයට 100 ක් ඉන්දීය නිෂ්පාදනයක් වන්නේ නැත. 

සියයට 100 ක් ඉන්දිය නිෂ්පාදනයක් වන්නේ ඉන්දියාවේ 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන 'කොවැක්සින්' එන්නතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් ලබා ගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' එන්නතය. 

අලුතින් නිර්මාණය කළ 'කෝර්බෙවැක්ස්' Corbevax එන්නත ද මාත්‍රා දෙකකින් යුක්ත වෙයි. කෙසේ නමුත් මෙම එන්නත නිපදවා ඇත්තේ පසුගිය කාලයේ විකෘතිකරණයට වී නිර්මාණය වුණු කොරෝනා විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටය. 

'කෝර්බෙවැක්ස්' එන්නත සමාන කළ හැකි යැයි පැවැසෙන්නේ 'නොවාවැක්ස්' එන්නතටය. 'නොවාවැක්ස්' යනු ඇමෙරිකාවේ මීළඟට එළිදැක්වීමට නියමිත කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය ද අවසන් සායනික අත්හදා බැලීම් තවමත් අවසන් කර නැත. ඇමෙරිකන් විද්‍යාඥයන්ට අනුව මෙම එන්නත සියයට 89.3 ක් සාර්ථක යැයි පැවැසෙයි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom