පුංචි තිරයෙන් දකින සංජානා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 17, 2021

පුංචි තිරයෙන් දකින සංජානා

ඊයෙ පෙරේදා රංගනයට එකතු වුණ මේ රුවැත්තිය ඉතාමත් කෙටි කලකින් ප්‍රේක්ෂක සිත් වසඟ කිරීමට සමත් වූවාය. ඇය සංජානා ගමාආරච්චි ය. මේ වනවිට, හිරු නාළිකාවේ දිගහැරෙන 'දිවිතුරා' ටෙලි සිත්තම හරහා ඇගේ රංගනය දැක ගත හැකිය. 

සංජානා අධ්‍යාපනය ලැබුවේ? 
මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. 1 වසරේ ඉදන් A/L වෙනකල්ම ගියේ ඒ ඉස්කෝලෙටම තමයි 

රංගන ක්ෂේත්‍රයට එකතු වුණේ?
රංගන ක්ෂේත්‍රයට එන්නේ දෙරණ අවුරුදු කුමාරි වුණාට පස්සේ. හිරු එකේ 2018 අවුරුදු කුමාරි තරල තිබ්බා. ඒකෙන් හොඳම 12 දෙනා අතරට විතරයි එන්න පුළුවන් වුණේ. මට දිනන්න බැරි වුණා. හිතේ දුකක් තිබ්බා. චූටි කාලේ ඉදාලා හරිම ආසාවෙන් හිටිය දෙයක නිසා. ඊට පස්සේ 2019 අවුරුදු කුමරි තරගයෙන් මම තුන්වෙනියා වුණා. ඒත් එක්කම තමයි රංගන ජීවිතයට එන්නේ. 2018 ඉදන් 2019 වෙනකල් මං එක් වුණේ වෙළඳ දැන්වීම්වලට පමණයි. 

පළවෙනි ටෙලි නාට්‍යය? 
'ජීවිතේ ඇති තුරා'. ITN නාලිකාවේ විකාශනය වුණේ. 

ඔබ නැගී එන රංගන ශිල්පිණියක්. එවැනි කෙනකුට මේ ක්ෂේත්‍රයේ තියෙන අභියෝග සහ බලපෑම් මොනවාද? 
මම අළුත් කෙනෙක්. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මම තනියම ගමනක් යන කෙනෙක්. ඉතිං එක එක බලපෑම් තියෙනවා. මඩ ගහනවා. ඔපදූප කතා කියනවා. අපට වඩා ඉහළින් ඉන්න අය අපිව කපන්න හදනවා. සම වයසින් අපිත් එක්ක ක්ෂේත්‍රයට ආ අයත් අපිව කපන්න හදනවා. ඉතිං මට කාත් එක්කවත් තරඟයක් නෑ. මම යන්නේ මගේ ගමන. මට පුළුවන් විදිහට මම මගේ ගමන යනවා. 

අනාගත බලාපොරොත්තු මොනවද? 
අනාගතයේ බලාපොරොත්තු ලොකුවට නෑ. මොකද කොරෝනා වසංගතයත් හැමතැනම තියෙනවා. ලොකුවට හීන නෑ. මගේ මේ මොහොතේ ජීවත් වෙනවා හෙට දවස ගැන හිතනවා හිතන්නේ නැත්තේ නෑ. කොයිවෙලේ මොනව වෙලා මට මැරෙන්න වෙයිද මොනවා වෙයිද කියලා කියන්න බෑ. මේ මොහොතේ ජීවත් වෙලා අනුන්ගේ දෙවල් හොයන්නෙ නැතුව, කාටවත් ඉරිසියා කරන්නෙ නැතුව තමන්ගෙ දෙයක් බලාගෙන මම කැමති. ඒකට තව අඩියක් හරි ඉස්සරහට යන්න තමයි මම බලන්නේ. මගේ හැකියාවෙන්. මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තියෙනවා. 

ඉංජිනේරු වෘත්තිය අත්හැර රංගනයට යොමු වූ ජීවිතය ගැන දැනෙන්නෙ කොහොම ද?
රඟපෑමට ආසා කළේ මම කුඩා කාලයේ ඉඳලමයි. මුලින්ම මගේ හීනය වුණේ අවුරුදු කුමරියක වීමයි. හැබැයි මම පාසල් යන කාලයේදීවත් කිසිම බාහිර වැඩකට යොමු වෙලා හිටියේ නැහැ. අපේ අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ ගුවන් හමුදාවේ නිලධාරින් ලෙසයි. ගෙදර පරිසරයත් තිබුණේ දැඩි නීතිරීතිවලට යටත් වූ පරිසරයක්. නංගියි මමයි නිතරම අවධානය යොමු කළේ අධ්‍යාපනයට විතරයි. අපේ තාත්ති එහෙම හරි සැරයි. ඒ වෙන මොනවටවත් නොවෙයි. අපට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනෑ වූ නිසයි. මටත් වඩා නංගි අධ්‍යාපනයට හරිම දක්ෂයි. කොහොම හරි මගේ හීනය සැබෑ කර ගන්න මම නිතර ඉල්ලීම් කළා. අන්තිමට හරි එහෙනම් ඔයා යන තැනක අම්මා එක්ක යන්න කියලා තාත්තා අවසර දුන්නා. 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයට ඇවිත් තුන්වැනියා වීමත් එක්ක තමයි මගේ ජීවිතය වෙනස් මාවතකට මාව රැගෙන ගියේ. 
සංජානා හිතන විදියට රඟපෑමට නම් ලස්සන විතරක් තිබුණොත් ඇති ද? 
ලස්සන එක්තරා විදියකට ආභරණයක්. ඒත් රඟපෑමේ විෂය වෙනුවෙන් ලස්සන කියන දේ තිබිය යුතුම නැහැ. ඒ හැරත් රඟපාන්න බැරි නම් ලස්සන විතරක් තිබිලා වැඩක් නැහැ. තවමත් මම රංගනය හදාරමින් සිටින කෙනෙක්. 

ආදරේ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? 
මේ වෙනකොට පෙම්වතෙක් නෑ මම ඇත්තමයි කියන්නේ කවුරුවත් පිළිගන්නේ නෑ. පෙම්වතුන් වෙන්න කවුරුත් මගෙන් අහන්නෙත් නෑ. ආරංචි එනවා යාළුවන්ගෙන් ඇහුවා එහෙම කියලා එහෙම ඉතිං මගෙන් කවුරුත් අහන්නේ නැතුව කාත් එක්කවත් යාළු වෙන්න බෑනෙ. මම හරි කැමති හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. පෙම්වතෙක් නිසා මම ගොඩනගාගත්ත ක්ෂේත්‍රයේ වැඩ මම නතර කරපු කෙනෙක්. මම ආදරෙන් පැරදිච්ච කෙනෙක්.

Classified_Ad

Classified_Ad_News_Bottom