ඉන්දීය දරුවන්ට කොවැක්සින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 8, 2021

ඉන්දීය දරුවන්ට කොවැක්සින්

ඉන්දීය රජයට අයත්, 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ කොරෝනා වයිරසය ආසාදනය වළක්වන 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නත, එරට කුඩා දරුවන්ට ලබා දීමේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ වී තිබේ.

'කොවැක්සින්' එන්නත් දරුවන්ට ලබා දීම අද (8) සිදුවූයේ දිල්ලි පරිපාලන කලාපය කේන්ද්‍රකොට ගනිමිනි. අවුරුදු 2 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දීම සිදු කෙරුණු බව ද පැවැසිණි. 

මීට පෙර පැට්නා නුවරදී ද මේ අයුරින්ම තෝරාගත් දරුවන් කණ්ඩායමකට 'කොවැක්සින්' එන්නත ලබා දී තිබේ. එන්නත මෙසේ දරුවන්ට ලබා දෙන්නේ මූලික සායනික අත්හදා බැලීම් සාර්ථක වීමත්, එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේත්, ඉන්දීය වෛද්‍යවරුන්ගේ සංගමයේත් පූර්ණ අනුමැතිය හිමිවී ඇති බැවිනි. 

තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වුවත්, ලොක්ඩවුන් තහංචි පනවා, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් සමත් වී සිටින බව පැවැසෙයි. ඉන්දියාවේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාව අද (8) දිනයේදී තවදුරටත් පහළ බැස තිබුණි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom