දිල්ලිය-මුම්බායි-චෙන්නායි යළි ඇරෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 8, 2021

දිල්ලිය-මුම්බායි-චෙන්නායි යළි ඇරෙයි

'කොවිඩ් 19' වසංගතය පාලනය කිරීමට වසා දැමුණු දිල්ලි, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු යන ප්‍රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බැවිත්, නවදිල්ලි අගනුවර, මුම්බායි සහ චෙන්නායි යන නගරවල කටයුතු මේ වනවිට අදියර කීපයක් යටතේ ආරම්භ වී ඇත. 

කාර්යාලවල කටයුතු සියල්ල තවමත් සියයට 50 සීමාව යටතේ පැවැත්වෙන අතර පාසල් සහ අධ්‍යාපන ආයතන සියල්ල තව දුරටත් වසා දැමීම සිදුවෙයි. 

දිල්ලි ප්‍රාන්තයේ අගනුවර මෙන්ම ඉන්දියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ නවදිල්ලියයි. 

ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය. තමිල්නාඩුවේ අගනුවර වන්නේ චෙන්නායි ය. 

ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත තවත් දින 14 කට වසා දැමෙනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. ඒ, එම ප්‍රාන්ත කේන්ද්‍රකොට ගනිමින් වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න නොලැබෙන බැවිනි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom