දිනක් ඇතුළත එන්නත් මාත්‍රා ලක්ෂ 86ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jun 22, 2021

දිනක් ඇතුළත එන්නත් මාත්‍රා ලක්ෂ 86ක්

ඉන්දියාව දිනක් ඇතුළත එන්නත් මාත්‍රා ලක්ෂ 86ක් ලබාදුන් බව එරට රජය සඳහන් කරයි. 

ඉන්දියාව ඉකුත් පැය 24 දී (සඳුදා 21) එරට ජනතාවට එන්නත් මාත්‍රා 86,16,373ක් ලබා දී ඇති බවත් එය දිනක් ඇතුළත ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය එය බව ද ඉන්දීය රජය කියයි. 

එන්නත්කරණ පිළිබඳ මෙම වාර්තාගත දත්ත ඉතාමත් “සතුටුදායක” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

“කොවිඩ්-19 වසංගතයට එරෙහිව අපට තිබෙන එකම ආයුධය එන්නතයි. එන්නත ලබාගත් සියලු දෙනාගේ මගේ සුබපැතුම්. ජනතාවට එන්නත් විදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින සියලු මුල් පෙළ සෞඛ්‍ය සේවකයන්ට අපේ ප්‍රණාමය” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියාව සඳුදා (21) වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම ආරම්භ කළේය. එමෙන්ම ඉන්දියාව සිය එන්නත්කරණ ප්‍රතිපත්තිය ද වෙනස් කර ඇත. මීට පෙර ප්‍රාන්තවලට එන්නත්කරණ වැඩසටහන බාර දී තිබූ අතර එන්නත්කරණ වැඩසටහන මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

෴ හර්ෂණ තුෂාර සිල්වා

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad