
ඉන්දු-ලංකා සම්බන්ධතා සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවීය න්‍යායපත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සඳහන් කරයි.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමඟ ඉතා හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බව ද හෙතෙම සඳහන් කර ඇත.
ඊට අමතරව බිම්ස්ටෙක් සහ අයි.ඕ.ආර්.ඒ. ඇතුළු කලාපීය සංවිධාන සහ යාන්ත්‍රණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
෴ හර්ෂණ තුෂාර සිල්වා