
ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට එන්නත් මාත්‍රා 16ක් ලැබෙන බව ධවල මන්දිරය සඳහන් කරයි.
ඇමෙරිකාව ගෝලීයව එන්නත් බෙදාහරින බව මේ මස මුලදී නිවේදනය කළ අතර එම වැඩසටහන යටතේ එන්නත් බෙදී යන ආකාරය ධවල මන්දිරය නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, භූතානය, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, ලාඕසය, පැපුවා නිව් ගිනියාව, තායිවානය, කාම්බෝජය, සහ ශාන්තිකර දූපත් අතරේ එන්නත් මාත්‍රා මිලියන 16ක් බෙදී යෑමට නියමිත ය.
ඇමෙරිකාව සිය එන්නත් බෙදාහැරීම වැඩවසටහන යටතේ ජූනි මාසය අවසන් විට එන්නත් මාත්‍රා මිලියන 80ක් ලොව පුරා බෙදාහරින බව බයිඩන් පරිපාලනය නිවේදනය කළේය.
ඒ අනුව එම එන්නත් මාත්‍රා මිලියන 80න් එන්නත් මාත්‍රා මිලියන 55ක් බෙදී යන ආකාරය ධවල මන්දිරය නිවේදනය කළේය.
෴ හර්ෂණ තුෂාර සිල්වා