පුංචි තිරයෙන් රිදී තිරයට ආ කාවින්ධ්‍යා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2021

පුංචි තිරයෙන් රිදී තිරයට ආ කාවින්ධ්‍යා

ලස්සන මුහුණ, ලස්සන ඇස්, ලස්සන හිනාව වාගේම ඇයගේ සිතිවිලි සහ ජීවිතයත් ලස්සනයි කියලා කියන්න පුළුවනි. රංගන ක්ෂේත්‍රයේදී බොහෝ දෙනා ඇයට කියන්නේ 'කවි' කියලයි. ඇය කාවින්ධ්‍යා දුල්ෂාණීය.'අහස් මාලිගා' ටෙලි නාට්‍යයෙන් රසික හදවත් දිනූ රුවැත්තියක වන කාවින්ද්‍යා කෙටි කාලයකින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය නිළියක මෙන්ම දක්ෂ නිවේදිකාවක්. නිරූපිකාවක්. චාමර ජනරාජ් පීරිස් 'උතුරු සුළඟ' චිත්‍රපටයෙන් ද කාවින්ද්‍යාගේ රංගනය දකින්න පුළුවන්. 

කාවින්ද්‍යා 'කවි' රංගනයට ආවේ කොහොමද? 
2015 වසරේ ITN අවුරුදු කුමරිය වුණේ මම. ශාන්ත සොයිසා මහත්මයාගේ නාට්‍යයට අවසන් වටයට ආ දොළොස්දෙනාගෙන් තේරා ගැනීමක් කළා. ඒ අවස්ථාව ලැබුණේ මට. එතැනින් පස්සේ මට රංගනයට අවස්ථාව උදාවුණා. 
‘කවි’, ‘කවි’ ලියන්න පුළුවන්ද? 
පුළුවන් ඇති. ඒත් මේ දක්වා උත්සාහ කරලා නම් නැහැ. 

සිංදු කියන්න පුළුවන්ද? 
සිංදුවක් නම් ඉතින් කියන්න පුළුවන්. ඒත් ගයන්න නම් බැහැ. 

සිනමා ජීවිතේ ගැන කතා කළොත්? 
චාමර ජනරාජ් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ 'උතුරු සුළඟ' මගේ පළමු චිත්‍රපටය. ඒකෙ මම ප්‍රධාන චරිතයක් රඟපානවා. ගමක හැදී වැඩුණ උසස් පැළැන්තියකට අහිංසක ගැහැණු ළමයකුගේ චරිතයක්. ඇය ආදරය කරන්නෙ යුද්ධයෙන් අතරමං වූ සොල්දාදුවකුට. ඒක යුද්ධයෙන් පසුව සමාජයේ එක් පැතිකඩක් ගැන කියැවෙන හරි අපූරු සිනමා කෘතියක්. 

ඔබ තවත් චිත්‍රපටයකට සම්බන්ධයි නේද? 
ගාමිණී හේවා විතාරණ මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක්. 'සඳ දඩයම'. 

ඒ කියන්නේ ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්? 
ඔව්. මේ වන විට රඟපෑම වෘත්තිය වෙලා. 

ඔබේ සිහින මොනවාද? 
මුලින්ම මට තිබුණෙ අපේ අම්මගේ සිහිනය සැබෑ කරවීමයි. අපේ අම්මගෙ එකම සිහිනය වුණේ මාව නීතිඥවරියක කරවීමයි. අම්මත් නීතිඥවරියක්. ඒත් රඟපෑමට ආ නිසා නීතිඥවරියක වී අම්මගේ සිහිනය සැබැ කර දෙන්න මට බැරි වුණා. 
ඔබේම සිහිනයක් නැද්ද?
අම්මගේ සිහිනය තමයි මාත් දුටුවෙ. ඒ සිහිනයේ දුර යන්න හැදුවත් මගේ ගමන වෙනස් වුණා. මම කරාතේ දන්නවා. එද‌ා මට තිබුණෙ ‘කරාතේ’ ක්‍රීඩාව වෙතින් කෙළවරක් දක්වා ප්‍රගුණ කරන්නයි. හැබැයි ‘කරාතේ’ වලින් පටි ගහගෙන දිගටම ගමනක් යන්න ලැබුණෙ නැත්තේ ‘ඒ ලෙවල්’ නිසා ගෙදරින් මට තහංචි වැටුණු නිසයි. 

දැන් මොන වගේ හීනයක් ද තියෙන්නේ?
දැන් නම් ඉතින් රඟපෑමේ හීනය තමයි තියෙන්නේ. 

ඒ මොන වගේ හීන ද?
විවිධ චරිත රඟපාන්න අවශ්‍යයි. 'හොඳම' කියන 'කැටගරි' එකට එන්න ආසයි. රඟපෑමේදී මට කලබලයක් නැහැ. හෙමින් යන ගමනක් මට තියෙන්නෙ. 
සැබෑ ජීවිතයේ හීන මොනව ද?
අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනා එක්කයි ආදරයෙන් ජීවත්වීමටයි. එයාලට පසුතැවීමක් ඇති නොවන විදියට ජීවත්වීම මගේ අරමුණයි. මට අක්කා නිසා, නංගිලා තුන්දෙනාට වඩාත් ආදර්ශවත් වෙන්න ඕනෑ. 

රංගනය ගැන දැනෙන හැඟෙන විදිය කොහොමද?
මේක හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. රංගනය ගැන හද‌ාරන්නෙ නැතුව, අත්දැකීම්, ලබන්නෙ නැතුව ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැහැ. 

මෙතෙක් ගෙවූ ජීවිතය ගැන කොහොමද?
සුන්දරයි, අම්මා, තාත්තා, නංගිලා තුන්දෙනා එක්ක සතුටින් ජීවත් වෙනවා. මෙතෙක් ගෙවූ ජීවිතය ගැන හරි සතුටුයි. ලොකු ලොකු ලොකු දේ ගැන හිතන්න ගියේ නැහැ. ගෙවූ ජීවිතය තෘප්තිමත්. 

පෙම්වතාගෙන් ලොකු සහනයක් ලැබෙනවා ඇති? 
මගේ ආදරේ අම්මා, තාත්තා සහ නංගිලා තුන්දෙනාටයි. තාත්තා තමයි මගේ ලොකුම ආදරේ. බොහෝම උදවු කරන්නේ තාත්තා. 

ඔබ සීරියස් චරිතයක් ද? නැත්නම් වගකීමකින් තොර චරිතයක් ද? 
ඕනෑවට වඩා සීරියස් නැහැ. වගකීමක් නැත්තෙත් නැහැ. නංගිලා තුන්දෙනෙක් නිසා වගකීමක් මට තියෙන්නෙ. මගෙන් විය යුතු දේ ගැන හිතලා සරලව සතුටින් ජීවත් වෙනවා.

ඡායාරූප - Kavindya Dulshani මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom