අගනුවර වන සිරි මවන බැද්දගාන තෙත් බිම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2021

අගනුවර වන සිරි මවන බැද්දගාන තෙත් බිම්

ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටා ඇති මෙම තෙත් බිම් උද්‍යානය නාගරික පරිසරයෙන් මිදී ස්වභාව සෞන්දර්යයේ ආස්වාදය විඳීමට කදිම තෝතැන්නකි. 

මෙම තෙත් බිම් උද්‍යානය දියවන්නාව අවට හෙක්ටාර් 18ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය 1985 වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත දියවන්නා ඔය ජල ගැලුම් නිම්න වන ජීවී අභය භූමියේ කොටසක් ලෙස සැලකේ. 

මෙය දේශීය මෙන්ම සංක්‍රමණික ජලජ පක්ෂීන්ගේ තෝතැන්නකි. එමෙන්ම ආසියානු තෙත් බිම් වලට ආවේණික සත්ව විශේෂයන්ට ද වාසස්ථාන සපයයි. මීට අමතරව සමනලුන් හා බත් කූරන් විශේෂ ද මෙම වගුරු බිම ආශ්‍රිතව දැක ගත හැකියි. 
මෙම තෙත් බිම් ආශ්‍රිතව කුරුළු විශේෂ 50ක් පමණ ද මාළු විශේෂ 20 ක් පමණ ද සමනළ විශේෂ 119 පමණ ද දැනට හඳුනා ගෙන ඇති අතර IUCN රතු දත්ත ලැයිස්තුවට ඇතුලත් වී ඇති වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින හඳුන් දිවියාගේ ද (Fishing Cat) වාස භූමියක් වේ. 

මනහර භූමි දර්ශනයන්ගෙන්ද කුරුළු ගී මියැසියෙන්ද අලංකෘත මෙම තෙත් බිම් පියස මෙහි යන කාගේ වුවද මනසේ විඩා නිවාලයි. 
මෙහි පැමිණෙන ඔබ සතුන්ගේ චර්යාවන්ට බාධාවක් නොවන අයුරින් හැසිරීමට වග බලා ගත යුතු සේම ඔබ රැගෙන යන සියලු දේ නැවත රැගෙන ඒමට ද සිහි තබා ගත යුතුය.

 සටහන සහ සේයා රූ
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom