ඉරාන ආධ්‍යාත්මික නායකයාට එන්නතක් ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 25, 2021

ඉරාන ආධ්‍යාත්මික නායකයාට එන්නතක් ලැබේ

ඉරාන ආධ්‍යාත්මික නායක අලී හොසෙයිනී කමේනී, 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගත්තේය. ඉරානයේ උත්තරීතර නායකයා වන කමේනී ලබා ගත්තේ ඉරාන විද්‍යාඥයන් විසින් ඉරාන තාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතය. 

එන්නත ලබා ගනිමින් 82 හැවිරිදි කමේනී මාධ්‍ය හමුවේ කියා සිටියේ, තම විද්‍යාඥයන් නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ලැබීම මහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයක් බවය. 

මාත්‍රා දෙකකින් සමන්විත මෙම එන්නත ඉරාන විද්‍යාඥයන් නම් කරනු ලැබ ඇත්තේ COVIran Bareka යනුවෙනි. ඉරාන විද්‍යාඥයන් COVIran Bareka එන්නත නිපදවීම කළේ පසුගිය වසරේය. එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ පසුගිය දෙසැම්බරයේය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු 24,000 කට එන්නත ලබා දීම සිදුවිය. එන්නත සාර්ථක වීමත් සමඟ එන්නත් මිලියනයක් නිපදවීම මේ වනවිට සිදුවෙමින් පවතී. 

ඉරාන විද්‍යාඥයන්ට අනුව COVIran Bareka එන්නත සියයට 93.5 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. විකෘති කොරෝනා අඩපණ කිරීමට පවා ඊට හැකියාවක් ඇති බව පැවැසෙයි. 

මැදපෙරදිග කලාපයේ කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටක් වන්නේ ඉරානයයි. ඉරානය මුහුණ දෙමින් සිටින්නේ 'කොවිඩ් 19' වයිරසයේ සිවුවැනි රැල්ලටය. ඉරානයේ කොරෝනා වයිරසයට බිලි වූ ගණන 83,000 ඉක්මවා තිබේ. 

ඉරානය කොරෝනා වයිරසයෙන් බැට කන්නේ ඇමෙරිකාව පැනැවූ සම්බාධක මැදය. 

COVIran Bareka එන්නතට අමතරව, ඉරාන වැසියන්ට රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත, චීනයේ 'සයිනෝෆාම්' එන්නත සහ ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' එන්නත ලැබී තිබේ. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන යටතේ ද නොමිලේ එන්නත් ඉරානයට ලැබී ඇත. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom