පුංචි තිරය හැඩ කරන රුවැත්තිය සඳනි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 15, 2021

පුංචි තිරය හැඩ කරන රුවැත්තිය සඳනි

හාර කෝටිය, කෝටිපතියෝ, තුත්තිරි, ක්‍රයිම් සීන්, හිරු ඇවිදින්, අග්නි පියාපත් ආදී ටෙලි සිත්තම් හරහා රූපවාහිනී තිරය හැඩ කළ හැඩකාරියක වන්නේ සඳනි ප්‍රනාන්දු ය. ටෙලි නාට්‍ය වෙළෙඳ දැන්වීම් පමණක් නොව, සඳනි, මියුසික් වීඩියෝවකට ද එක් වී ඇත. ඒ සියලු විස්තර සමග, සඳනිගේ ජීවිතයේ රිද්මය ගලායන ආකාරය ඇය විස්තර කරන්නේ මෙලෙසිනි. 
@imagebypd

සඳනි කොහොමද ජීවිතේ? 
හොඳින් ගෙවනවා. මේ දිනවල පවතින තත්ත්වය එක්ක සමබරව කටයුතු කරගෙන යනවා. රඟපෑම්වලට වගේම වෙළඳ දැන්වීම් වැඩ ටිකක් කරගෙන යනවා. දැන්වීම් කීපයකටම දායක වුණා. ළගදී ඒවා රිලීස් වේවි. 

සඳනි ක්ෂේත්‍රයට ආවෙත් දැන්වීම් හරහා නේද? 
මුලින්ම පෙනී හිටියෙ මන්චි කොමේ බිස්කට් ඇඩ් එක. පසුව බොහොමයකට දායක වුණා. රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරයෙන් දකින්න ලැබුණේ හාර කෝටියෙන්. 

වඩා කතාබහට ලක්වූ දැන්වීම්? 
2016 දී වගේ කළ ‘එටිසලාට්’. ඒ වගේම මේ දිනවල ‘ගොඩ්රිච්’ එක. 

සඳනිගෙ හද රැඳි රුව ගැනත් කියමු? 
හද රැඳි රුව හදට සමීපව ඉන්නවා. 

කවදද එකලාසයක් වෙන්නෙ? 
තව කල් තියෙනවා. තවම වයස තියෙනවා. එයාටත් එහෙමයි. අප දෙන්නටම තව ජීවිතයේ කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඉන්පසුව විවාහයට සුදුසු කාලය ආවාම ඒ උත්සවය සිදු වේවි. 

එයා ගායකයෙක්ද? 
ඔව්.

කොහොමද ඒ හමුව? 
මට එයාව හමුවන්නෙ එයාගෙ පළමු ගීතයේ මියුසික් වීඩියෝව කරද්දියි. ඊට කලින් මට මියුසික් වීඩියෝවලට රඟපාන්න අවස්ථාව ලැබුණත් බාර ගත්තෙ නැහැ. නමුත් මේ සිංදුවට ආසා නිසා එය බාර ගත්තා. 

සිංදුව මොකක්ද? 
මම ඉන්න මියුසික් වීඩියෝව නරඹලා බලන්න. එතකොට ඒ ගීතය මොකක්ද කියලා දැන ගන්න පුළුවනි.

සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද? 
ආදරේ ඉතින් සුන්දරම නැහැ. යථාර්ථය ඇතුළෙ එහෙමයි. ඒත් තේරුම් ගැනීමත් එක්ක ලස්සනට ගලාගෙන යනවා. 

ඇයි ඔහුට හිත ගියේ? 
මුලින්ම නම් කටහඬට. ඒ කටහඬට ආකර්ශනය වීමක් විතරයි. පසුව ගතිගුණ එහෙම එක්ක අපි කතාබහ කරද්දී කටහඬට වඩා අමුත්තක් දුටුවා. 

සඳනිගේ වෘත්තිය රඟපෑම විතරද? 
දැනට රඟපෑම විතරයි. ඉදිරියේදී වෙනස්කම් වේවි. මගේම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කරාවි. 

සඳනිට, සඳනිව දැනෙන්නෙ කොහොමද? 
අහිංසක නැහැ. ඒත් හරි සංවේදී අනික් අය ගැන හිතන වැඩිය කතාබහ නොකරන අවංක චරිතයක්. 

සඳනි මේ දිනවල වැඩිපුරම අහන ගීත මොනවද?
සමහර ඒවා ලංකාවේ ගීත නෙවෙයි. දවසේ එක සැරයක් හරි අහන ගීතය තමයි ඇයි මම ආදරේ සහ කෝද්රේ (ජර්මන් ගැහැනු ළමයකු වටා නිර්මාණය වූවක්) එය ගායනා කරන්නෙ පියත් රාජපක්ෂ. මේ ගීතය ගයන්නෙත් පියත් රාජක්ෂ. මම ලංකාවේ ආසම කරන ගායකයන්ගෙන් වැඩියම ආසා කරන ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ. ඒ ගීත දෙක දවසේ කොහොම හරි අහනවා.

‘ලොක් ඩවුන්’ වුණාම ගෙදරට වෙලා මොනවද කරන්නෙ? 
ෆිල්ම් බලන්න, සිංදු අහන්න කැමතියි. අපිත් ආරක්ෂා වෙන අතරේ අනික් අයත් ආරක්ෂා වෙන විදියට මේ මොහොතේ සිටීම වැදගත්.

සඳනි හුදෙකලාව ඉන්න කැමති කෙනෙක් කියලයි ඔයාගෙ යාළුවෝ කියන්නේ? 
ඕනෑම යාළුවකු එක්ක හරියට හඳුනා ගන්න කලින් මම නිශ්ශබ්ද චරිතයක්. හැබැයි ඉතින් හඳුනා ගත්තට පස්සේ මම එයාලට හොඳ යාළුවෙක්
සඳිනිට ගයන්න බැරිද? 
ටිකක් පුළුවන්. තව ඒ ගැන ඉගෙන ගන්න ඕනෑ. 

ගායක පෙම්වතා, ඔබට යුග ගී ගයන්න කතා කරන්නෙ නැද්ද? 
එයත් දන්නවා, මගේ ගායන පරාසය ගැන. එයත් මට ගායනය ඉගෙන ගන්න උදව් කරනවා. හැදෑරීමකින් පසුව සුදුසු තත්ත්වයේ සිටී නම් එයා මට යුග ගී ගයන්න යෝජනා කරාවි. 

මෙතෙක් ඔබ ඇසු හොඳම යුග ගීය මොකක්ද? 
එක පාරටම කල්පනාවට එන්නෙ නැහැ. ඒත් මෑතකදී නිර්මාණය වූ ගී අතරින් භාචි සුසාන් සහ අශාන්ති ගයන ‘හිත හිරි වැටුණාදෝ’ ගීතයට හරි ආසයි. 

කලාවට ඇති දක්ෂතාවය, රසිකත්වය වගේම ගෙදරදී සඳනි කටයුතු කරන විදිය ගැනත් කියමු? 
ගෙදර තියෙන සෑම වැඩක්ම වගේ කරනවා. අම්මගෙ වැඩවලට උදව් කරනවා. අම්මාට උදව් කළ නිසා උයන්නත් පුළුවනි. මම හදන බටු මෝජුව කන්න කවුරුත් ආසයි. කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න එපායැ. 

෴ සඳුන් ගමගේ 
උපුටා ගැනීම - සාරවිට වෙබ් අඩවිය

Classified_Ad

Classified_Ad_News_Bottom