තවත් නැවක ගින්නක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 25, 2021

තවත් නැවක ගින්නක්

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නැමැති මෙම නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින්ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom