ස්පුට්නික් එන්නත මෙරට නිපදවන්න යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

ස්පුට්නික් එන්නත මෙරට නිපදවන්න යයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කර සිටී.

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ පසුගිය 7 වැනිදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී අමාත්‍යවරයා මෙලෙස ස්තූතිය පළ කළ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි

එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය කළේය. ශ්‍රී ලංකාව හා රුසියාව අතර වෙළද ආර්ථික හා කාර්මික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කීරිමටද මෙම දුරකථන සාකච්ඡාවේදී දෙපාර්වශ්යම එකඟතාවයකට එළඹ තබේ. 

තවද, විදේශ අමාත්‍යාංශ අතර ද්විපාර්ශ්වික උපදේශන මෙන්ම වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී අදහස් හුවමාරු හුවමාරු කර ගත්හ.

Classified_Ad

Classified_Ad_News_Bottom