ඇෆ්ගන් ජනාධිපති බයිඩන් හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2021

ඇෆ්ගන් ජනාධිපති බයිඩන් හමුවෙයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි. 

 තලේබාන් සංවිධානය සමඟ සාමකතා පවත්වන ඇෆ්ගන් රජයේ ජාතික සංහිඳියාව පිළිබඳ කවුන්සියලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අබ්දුල්ලා අබ්දුල්ලා ද මෙම අවස්ථාවට සහභාගී විය. 

ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී, අබ්දුල්ලා අබ්දුල්ලා ඇතුළු එරට නායකයන් ධවල මන්දිරයට පැමිණ සිටියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇරැයුමකට අනුවය. ධවල මන්දිරයට පැමිණි පිරිස මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කටයුතු කළේය. 

ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා ඇමෙරිකන් ජනධිපති බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඕවල් කාර්යාලයේදීය. 

මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සාමාජිකයන් ඉවත් කර ගන්නා බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත. 

එම කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබේ. ඇමෙරිකාව, ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්චා සර්ථක වී ඇති අතර, විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යා යුතුයැයි ඉල්ලා ඇත්තේ තලේබාන් සංවිධානයයි. ඇමෙරිකා රජය ඊට කැමැත්ත පළ කර තිබේ. 

ඇෆ්ගනිස්තානයේ කටයුතු සිදුවිය යුත්තේ ඇෆ්ගන් ජනතාවගේ කැමැත්ත පරිදි යැයි ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා හමුවෙමින් බයිඩන් පැහැදිලි කළේය. 

ඇමෙරිකන් සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයෙන් මුළුමනින්ම පිටවී ගියත්, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාරවල කිසිදු අඩුවක් නොවනු ඇතැයි ජනපති බයිඩන් සහතික විය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom