නැවේ ගින්නෙන් පීඩාවූවන්ට සහන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

නැවේ ගින්නෙන් පීඩාවූවන්ට සහන

එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සහන සැලසීමටත් ඊට ප්‍රතිචාර දැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලටත් සහාය දැක්වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක මානුෂීය ආධාරයක් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. 

මෙම හදිසි අවස්ථාව හේතුවෙන් ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර කිරීමටත් ඒ සඳහා ගෙන ඇති ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා නියෝජිතායතනය (USAID) හවුල්කරුවන් හරහා මෙම අරමුදල් ලබා දෙන බව ද එම කාර්යාලය කියයි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom