ජල ගැලීම්වලින් පීඩාවට පත්වූවන්ට සහන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

ජල ගැලීම්වලින් පීඩාවට පත්වූවන්ට සහන

ගංවතුර සහ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අත්‍යවශ්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් කට්ටල් 2,000ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග කර ඇත. 

මෙම කට්ටල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහනේ අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එස් රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කට්ටලවල වටිනාකම රුපියල් මිලියන 13.1ක් ලෙස ගණනය කර ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom