සංචාරක කර්මාන්තය කඩා වැටී ට්‍රිලියන 4 ක පාඩුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 1, 2021

සංචාරක කර්මාන්තය කඩා වැටී ට්‍රිලියන 4 ක පාඩුවක්

'කොවිඩ් 19' වසංගතයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන්, ගෝලීය සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බවත්, එයින් ලෝක ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 4 ක මුදලක් අහිමි වී ඇති බවත් නවතම වාර්තාවක සඳහන් වෙයි. 

මෙම වාර්තාව සකස් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් 'එක්සත් ජාතීන්ගේ සංචාරක ආයතනය' UNWTO සහ 'එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන කටයුතු පිළිබඳ ආයතනය' UNCTAD එක් වෙමිනි. 

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ජීව නාලිය වන්නේ සංචාරක කර්මාන්තය බවත්, 2019 වසර අවසානයේ සිට 'කොවිඩ් 19' වසංගතයේ බලපෑම් හේතුවෙන්, සංචාරකයන්ගේ පැමිණීම සියයට 63 සිට 73 තෙක් අඩුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

'කොවිඩ් 19' වසංගතයෙන් ගොඩඒමට දරන උත්සාහයේදී, සංචාරක කර්මාන්තයෙන් යැපෙන, සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක නොවන බැවින්, වසර 2023 හෝ 2024 වනතෙක් සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් නොවනු ඇති බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

UN News

Classified_Ad

Classified_Ad_News_Bottom