ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 23, 2021

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පොහොය දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ. 

වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය. 

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂූන්ගේ පෙර වස් එළැඹීමේ දිනය ද වෙයි. 

ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි. මේ වනවිට පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන්, සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කර ඇත. 

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහර අද (23) රාත්‍රීයේ වීදි සංචාරය කරනු ඇත. දිය කැපීමේ මංගල්‍ය හෙට (24) උදෑසන සිදුකරන බව බස්නායක නිලමේවරයා පවසා තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom