ඔලිම්පික් සමාරම්භය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 23, 2021

ඔලිම්පික් සමාරම්භය අද

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වී, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල, 2021 ජූලි 23 වැනිදා එනම් අද ආරම්භ වෙයි. සමාරම්භක උළෙල අද (23) පැවැත්වෙන අතර සමාප්ති උළෙල පැවැත්වෙනු ඇත්තේ අගෝස්තු 8 වැනිදාය. 

සමාරම්භක උළෙලට පෙර කාන්තා පිරිමි පාපන්දු තරග ඇතුළු කණ්ඩායම් තරග කීපයක් පසුගිය ජූලි 21 වැනිදා සිට ආරම්භ විය. පිහිනුම් තරග ජූලි 24 එනම් හෙට සිට අගෝස්තු 1 වැනිදා දක්වාත්, ජිම්නාස්ටික් තරග අද (23) සිට අගොස්තු 3 දක්වාත් පැවැත්වෙයි. 

මලල ක්‍රීඩා ඉසවු පැවැත්වෙන්නේ ජූලි 30 වැනිදා සිටය. අගෝස්තු 8 වැනිදා එනම්, ඔලිම්පික් උලෙළ සමාප්තිය දා පිරිමි මැරතන් තරගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ නරඹන්නන් නොමැතිවය. 

නරඹන්නන් නොමැතිව ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා ඔස්සේත්, වෙබ් නාළිකා ඔස්සේත් ඔලිම්පික් උළෙල සජීවී ලස විකාශය කෙරේ.

'කොවිඩ් 19' වසංගතය මැද වුවත්, රටවල් 200 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11,324 දෙනකු ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටිති. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, සංවිධාකයන් පමණක් නොව, රටවල් නියෝජනය කරමින් ටෝකියෝ බලා පැමිණෙන සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් වීමට සිදුවෙයි. 

ටෝකියෝ බලා පැමිණීමට පෙර කොරෝනා ආසාදතය වී ඇතිදැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් ද ටෝකියෝ බලා පැමිණි පසු තවත් පී.සී.ආර්. පරීක්ෂණයකට ද සියලු දෙනා යොමු කෙරේ. ඊට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරේ. 

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට සිදුවන අතර ශරීර උෂ්ණත්වය වැඩි නම් ඔලිම්පික් ගම්මානයට ඇතුළුවීමට අවසර නොලැබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළු සෑම දෙනාම 'මාස්ක්' පැලඳ සිටීම අනිවාර්ය වෙයි. 'මාස්ක්' ඉවත් කිරීමට අවසර ලැබෙන්නේ ක්‍රීඩා ඉසවු සඳහා සහභාගී වෙද්දී පමණි. 

ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ සඳහා ඉදිරිපත් වීමට අවසර ලැබෙන්නේ නැත. සෞඛ්‍ය අංශ මැදිහත්වී ඔවුන් නිරෝධායනය කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. ආශ්‍රිතයන් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන් ද නිරෝධායනයට ලක් කෙරේ.

මේ වනවිට ජපානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 8,42,000 ක් වන අතර මරණ වාර්තා වන්නේ 14,900 ක් ලෙසය. 

 මේ ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන දෙවැනි අවස්ථාවය. පළමු වරට ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලක් පැවැත්වූයේ 1964 වසරේදීය. ඊට අමතරව, 1972 වසරේ සහ 1998 ශිත ඔලිම්පික් උළෙල ද ජපානයේ පැවැත්විණි.

෴ උපුටා ගැනීම - Washington Post

Classified_Ad

Classified_Ad_News_Bottom