පාර්ලිමේන්තුවට මීයෙක් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 22, 2021

පාර්ලිමේන්තුවට මීයෙක් ඇවිල්ලා

ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කටයුතුවලට මීයකු නිසා බාධා රල්ල විය. ඇන්ඩලූසියා යනු ස්පාඤ්ඤයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයකි. ඇන්ඩලූසියා පාර්ලිමේන්තුව ඊයේ (21) රැස්වුණු අවස්ථාවේ, මීයාගෙන් බාධා එල්ල විය. 

ප්‍රාන්ත පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඔවුන්ගේ රාජකාරිවලයෙදී සිටියදී, මීයා ඔවුන් අතරින් දුවන්න පනින් විය. මීයා දැක මන්ත්‍රීවරියන් මීය දැක තිගැස්සී කලබල වූයේ මන්ත්‍රීවරියන්ය. මන්ත්‍රණ සභාව මීයා දැක කලබලයට පත්වන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. 

මීයාගෙන් මන්ත්‍රණ සභාවට බාධා එල්ලවූයේ, සුසාන් දියේස් නමැති සෙනෙට් මන්ත්‍රීවරිය ස්පාඥ්ඤයේ දකුණුදිග පළාත සදහා පත් කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ආරම්භ කිරීමට සැරැසෙද්දී යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. මන්ත්‍රීවරියන් තිගැස්සීමට ලක් කළ මීයා තරමක විශාල එකෙකු බව ද පැවැසෙයි.

෴ උපුටා ගැනීම -  Reuters

Classified_Ad