කාශ්මීරයේ සිසුන්ට ගුරුවරුන්ට එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

කාශ්මීරයේ සිසුන්ට ගුරුවරුන්ට එන්නත්

අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට පෙර අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කරන්නැයි කාශ්මීරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝග කර තිබේ.

ඒ් අනුව කාශ්මීරයේ ගුරුවරුන්ට, සිසු සිසුවියන්ට සහ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට කොවිඩ්-19 වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් කිරීමට සැලැසුම් කර ඇත. වයිරස ආසාදිතයන් වැඩි වීමත් වසංගතයේ ව්‍යාප්තියත් පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. 

ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට පෙර අධ්‍යයන, අනධයයන සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කිරීමත් වයිරස ආසාදිත පොකුරු හෝ රැල්ලක් නිර්මාණය වීම වැළැක්වීමත් ඉතා වැදගත් යැයි කාශ්මීරයේ, ජම්මු හා කාශ්මීරයේ උසස් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නිකුත් කළ ලිපියක දැක්වේ. 

මේ අතර ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු හා කාශ්මීරයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 331 දෙනකු වාර්තා වූ ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන හයකි. එදින සුවය ලබා නිවෙස්වලට පිටව ගොස් ඇති ගණන 437කි. ජම්මු හා කාශ්මීරයේ මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,209කි.

ANI
෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom