ඉතියෝපියාවේ සාගතය දරුණුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

ඉතියෝපියාවේ සාගතය දරුණුයි

ඉතියෝපියාවේ ටිග්රේ පළාතේ වැසියන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් සාගතයෙන් ද පීඩා විඳින බවත්, එය මානුෂීය ඛේදවාචකයක් බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙයි.

ඉතියෝපියාවේ ටිග්රේ පළාත මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ, ටිග්රේ ජනතා විමුක්තිකාමී පෙරමුණේ සටන්කාමීන් ටිග්රේ පළාතට වෙනම පාලනයක් ඉල්ලමින් රජය සමඟ සන්නද්ධ අරගලයක නියැලීමය. දෙපාර්ශ්වය අතර සටන් ආරම්භ වූයේ පසුගිය වසරේ නොවැම්බරයේය. 

ටිග්රේ පළාතේ පාලක පක්ෂය වන්නේ ද ටිග්රේ ජනතා විමුක්තිකාමී පෙරමුණය. ගැටුම්වලින් සිවිල් වැසියන් පීඩාවට පත්වීම සැලකිල්ලට ගනිමින්, වහාම සටන් විරාමයක් ආරම්භ කිරීමට ඉතියෝපියා අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද් ප්‍රමුඛ ෆෙඩරල් රජය තීරණය කළේය. 

කෙසේ නමුත් එය ඒක පාර්ශ්වීය සටන් විරාමයක් බව ඉතියෝපියා රජය මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ද චෝදනා නගා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය දා රැස්වුණු අවස්ථාවේදී සාගතයට මුහුණ දෙන ටිග්රේ වැසියන් සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ටිග්රේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom