ලාහෝර් ප්‍රහාරය පසුපස ඉන්දීය බුද්ධි අංශය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 6, 2021

ලාහෝර් ප්‍රහාරය පසුපස ඉන්දීය බුද්ධි අංශය

පාකිස්තානයේ ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරය පසුපස සිටින්න් ඉන්දීය බුද්ධි අංශ යැයි පාකිස්තාන ජාතික ආරක්ෂක උපදේශක මොහීද් යූසුෆ් චෝදනා කරයි. 

මොහීද් යූසුෆ් මෙසේ චෝදනා කළේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදීය. ලාහෝර් නුවර ජෝහාර් ටවුන් පළාතේ එම බෝම්බ පිපිරීම සිදුවූයේ පසුගිය ජූනි 23 වැනිදාය. බෝම්බය පුපුරා ගියේ 'ලෂ්කාර් ඊ තයිබා' ඉස්ලාමීය සංවිධානය පිහිටුවීමට පුරෝගාමී වූ හෆීස් මුහම්මද් සායිද්ගේ නිවස ඉදිරිපිටය.

 'ලෂ්කාර් ඊ තයිබා' සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොව, පාකිස්තානය ද පිළිගනී. ඉන්දියාවේ සිදුවුණු ත්‍රස්ත ක්‍රියා පසුපස සිටින්නේ ද 'ලෂ්කාර් ඊ තයිබා' ත්‍රස්ත සංවිධානයයි. 

මෙම සංවිධානයට පාකිස්තාන බුද්ධි අංශයේත් හමුදාවේත් සහාය හිමිවන බවට ඉන්දියාව චෝදනා කරයි. 

ජූනි 23 වැනිදා ලාහෝර් බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ලැබුණු සාක්ෂි සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව, ප්‍රහාරය සැලැසුම් කර ඇත්තේත්, ඊට අනුග්‍රහය දක්වා ඇත්තේත් ඉන්දීය 'රෝ' බුද්ධි අංශ නිලධාරීන් යැයි පාකිස්තාන ජාතික ආරක්ෂක උපදේශකවරයා පවසයි.

අල් ජසීරා

Classified_Ad