ලක්ෂ 17 කට එන්නත් දීලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 21, 2021

ලක්ෂ 17 කට එන්නත් දීලා

මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන් ගණන මේ වනවිට 17 ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 1,710,341 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර එය මෙරට ජනගහනයෙන් සියයට 7.9ක ප්‍රතිශතයකි. 

පුද්ගලයින් 6,120,659 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර එය ජනගහනයෙන් සියයට 28.4ක ප්‍රතිශතයක් යැයි සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ ද පුද්ගලයන් 257,033 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඉන් පුද්ගලයන් 244,378 දෙනෙකු සඳහා මොඩර්නා, ෆයිසර් හා සයිනොෆාම් එන්නත්වල පළමු මාත්‍රාව ලබාදී ඇත.

Photo Credit - ශාන්ත රත්නායක - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom