
පරිගණක සහ කෘතිම බුද්ධිය (AI) ආදී නවීන තාක්ෂණය අධ්‍යාපනයට ඉතා වැදගත් බව ලෝකය පුරා ප්‍රචාරය වුවද, නෝර්වේ රාජ්‍යය ඊට වෙනස් පියවරක් ගනිමින් පන්ති කාමර තුළ AI භාවිතය සීමා කිරීමට අලුත් නීති පනවා තිබේ.
තාක්ෂණයට වඩා පොත්පත් කියවීම සහ සාමාන්‍ය ක්‍රමයට ඉගෙන ගැනීම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයට අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ මතයයි.
තාක්ෂණය දියුණු වුවද දරුවන්ගේ සැබෑ බුද්ධි වර්ධනය වෙනුවෙන් පන්ති කාමර තුළ AI භාවිතයට මෙලෙස පැහැදිලි නීතිමය සීමාවන් පැනවූ පළමු බටහිර රට නෝර්වේ වෙයි.
2024 දී පාසල් තුළ ස්මාර්ට්ෆෝන් (Smartphones) තහනම් කිරීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ විභාග ලකුණු මට්ටම් ඉහළ ගිය බවත්, දඩබ්බරගති සහ ඔවුන්ගේ මානසික පීඩනයන් අඩු කර ගැනීමට හැකිවිය.
Live Science ඇසුරිනි