බස්නාහිර 30 ට වැඩි සැමට එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 3, 2021

බස්නාහිර 30 ට වැඩි සැමට එන්නත්

බස්නාහිර පළාතේ, අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ. 

මේ වනවිට, කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි වයස් කාණ්ඩයේ සියයට 60 කට, ගම්පහ සියයට 47 කට සහ කළුතර සියයට 34 කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්ය. 

ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ ඊයේ (2) ජනාධිපති  කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබුණි. 

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා' එන්නත් ප්‍රමාණය ඉක්මනින් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා එහිදී පැවැසීය. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව, විධිමත් අයුරින් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, නාවික හා ගුවන් හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom