
එලෙඹෙන සැප්තැම්බර් මාසය වනවිට සෑම රටක්ම එම රටේ ජනගහනයෙන් සියයට දහයකටවත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ඉල්ලීමක් කර තිබේ.
'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමටත් ගෝලීය ආර්ථිකය යළි පණ ගැන්වීමටත් සෑම රටක්ම දායක විය යුතු බවත් එසේ කිරීමට නම් සැප්තැම්බර් මාසය වනවිට රටවල ජනගහනයෙන් සියයට 10 කටත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.
මේ වනවිට බටහිර රටවල් බොහොමයක් ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු වේගයෙන් සිදු කරන නමුත්, ආසියානු සහ අප්‍රිකානු රටවල එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස්, ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානය ඇත්තේ ජිනීවා නුවරය.
'කොවිඩ් 19' වසංගතයට එරෙහිව ඇති හොඳම සහ එකම අවිය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ ද එන්නත්කරණයයි.
එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගෙන සිටිද්දී, වයිරසය ආසාදනය වුවත්, මරණයට පත්වීමේ අවධානම අඩුය. එපමණක් නොව, වයිරසය හේතුවෙන් ඇතිවන සංකූලතා අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.
රොයිටර්