
ඩෙල්ටා', 'ලැම්බ්ඩා' ආදී වශයෙන් තව තවත් බිහිසුණු 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද බිහිවීමට පෙර, කොරෝනා වසංගතය මුළුමනින්ම අවසන් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක නායකයන්ට පෙන්වා දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බිහිසුණු වයිරස විකෘතිට ලෙස හඳුන්වා දී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතියයි. දෙවැනි ස්ථානයේ ඇත්තේ 'ලැම්බ්ඩා' විකෘතියයි.
'ඩෙල්ටා' විකෘතිය ආරම්භ වූයේ ඉන්දියාවෙනි.
ඩෙල්ටා' යනු 'කොවිඩ් 19' දෙමුහුම් විකෘති වයිරස දෙකක මිශ්‍රණයයි. 'ඩෙල්ටා' විකෘතිය මේ වනවිට ලෝකයේ රටවල් 132 ක් පුරා ව්‍යාප්තවී ඇත.
'ඩෙල්ටා විකෘතිය කොතරම් බිහිසුණුදැයි අපට වැටහෙනවා. ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වෙලා තිබෙනවා. එන්නත්වනලින් පවා ඩෙල්ටා විකෘතිය අඩපණ කිරීමට නොහැකි අවස්ථා රට රටවලින් වාර්තා වෙනවා. කොරෝනා වයිරසය ලෝකයේ පවතින තාක්කල්, එය තව තවත් බිහිසුණු විකෘති ප්‍රභේද බිහි කරාවි. ඊට කලින් අප කෙසේ හෝ කොරෝනා ව්යාප්තිට අඩපණ කරන්න ඕනෑ. එසේ නොකළහොත් කොරෝනා අවසානයක් දකින්න බැරිවේවි.' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ, කොරෝනා සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ ප්‍රධානී මයිකල් රයන් පවසා ඇත.
මේ අතර, 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘතියේ වැඩි බලපෑමක් ඇත්තේ කුඩා දරුවන්ට යැයි රටවල් රැසකින් වාර්තා වන නමුත්, 'ඩෙල්ටා' විකෘතියට වයස් භේදයක් නැති බවත්, ඕනෑම කෙනකුට 'ඩෙල්ටා' ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
කෙසේ නමුත් 'කොවිඩ් 19' මුල් ප්‍රභේදයට වඩා, 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉතා බිහිසුණු අයුරින් සිදුවන බැවින්, රටවල් රැසක කුඩා දරුවන් රෝගී වීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න ලැබෙන බව 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛය සංවිධානයේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානී වෛද්‍ය මරීයා වැන් කෙර්කෝව් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.
෴ උපුටා ගැනීම - NDTV