මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන ගායන ශිල්පිනිය යොහානි ද සිල්වා ය. ඒ සතීෂාන් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ cover නිර්මාණය නිසාය. මැණිකේ මගේ හිතේ cover වීඩියෝව, ඉන්දියාවේ ද අතිශය ජනප්‍රිය වුණු ගීතයකි.
බොලිවුඩයේ ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්ද මේ වීඩියෝව ගැන පැහැදීමෙන් අදහස් දක්වා තිබේ.
ෙ
මේ වනවිට යොහානිගේ නිල යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර තිබේ. එය ශ්‍රී ලාංකික අපට මහත් ආඩම්බරයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
යොහානිගේ නිල යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කිරීමට හේතු වූයේ මැණිකේ මගේ හිතේ cover වීඩියෝවෙන් ලැබුණු ජනප්‍රියත්වයයි.
ශ්‍රී ලාංකික ගායක ගායිකාවකගේ හෝ සංගීත කණ්ඩායමක නිල යූ ටියුබ් නාලිකාවක සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකළ පළමු අවස්ථාවද මෙයයි. මැණිකේ මගේ හිතේ cover වීඩියෝව ද මේ වනවිට මිලියන තිස් හතරක නැරඹුම් සංඛ්‍යාවද පසු කර ඇත.
යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණියයි.
එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා ගිණුම්කරණ උපාධියක් ලබා සිටින ඇය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේ ‘සිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනය කිරීමත් සමගින් ජනප්‍රිය වූවාය.