තලේබාන්වරු විරෝධී විලාසිතා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 19, 2021

තලේබාන්වරු විරෝධී විලාසිතා

බාලිකා අධ්‍යාපනයට අවසර දෙන නමුත්, ෂරියා නීතියට අනුව, බාලිකාවන් හිජාබයෙන් සැරසී අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ද සැමවිටම හිජාබයෙන් සැරසී සිටිය යුතු බවත් තලේබාන්වරැන් නියෝග කර ඇත. 

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගනිමින් නව රජයක් පිහිටුවූ තලේබාන්වරුන් නිකුත් කළ මෙම නියෝගයට විරෝධය පළ කරමින්, ලොව පුරා වෙසෙන ඇෆ්ගන් කාන්තාවන් විවිධාකාරයේ වර්ණවත් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සමාජ සමාධය ඔස්සේ පෙනී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

ඇෆ්ගන් කාන්තාවන් පවසන්නේ තම ඇඳුම් පැලඳුම් තීරණය කිරීමට තලේබාන්වරුන්ට කිසිදු අයිතියක් නොමැති බවය. විදේශවල ඇෆ්ගන් කාන්තාවන් මෙසේ විරෝධය පළ කළත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තලේබාන්වරුන්ගේ නියෝග පිළිපැඳීමට සිදුවී තිබේ. 
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් සිසුන්ගෙන් වෙන් කර තැබීමට ද තලේබාන් සංවිධානය උපදෙස් දී ඇත. සිසුන් සහ සිසුවියන් වෙන් කර ඇත්තේ පංති කාමරවල තිර රෙදිවලිනි. දේශනශාලාවට පැමිණෙද්දී, හිජාබයෙන් සැරැසී මුළු සිරුරම ආවරණය කර ගැනීම පමණක් නොව, තලේබාන්වරුන්ගේ ධජ අතැතිව සිටීම ද අනිවාර්ණ කර තිබේ. රාජ්‍ය සේවිකාවන් ද හිජාබයෙන් සැරසී සේවයට වාර්තා කළ යුතු බව තලේබාන්වරුන් පවසා ඇත.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad