බොට්ස්වානා රූප සුන්දරිය ශ්‍රී ලාංකික යුවතියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 20, 2021

බොට්ස්වානා රූප සුන්දරිය ශ්‍රී ලාංකික යුවතියක්

'2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා'  කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනා ගන ඇත. 

මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා තරගයේ අවසන් වටය ඊයේ (19) රාත්‍රියේ පැවැත්වූ අතර එහීදී අවසන් තරගකාරියන් 14 දෙනෙකු අභිබවා යමින් ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය. 

17 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණයෙන් පසුව මිස් ටීන් ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් ‌ෙබාට්ස්වානා රාජ්‍යය නියෝජනය කිරීමට නියමිතය. 

ඇයගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර තිබුණ් මෙම කිරුළ දිනා ගැනීමට හැකිවීම තමාට මහත් අභිමානයක් වන බවය.

එසේම මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ රටට හිමිකර දීමාට තමන් නොඉවසිල්ලෙන් සිටින බවද ඇය සදහන් කර සිටින්නීය. මීට පෙර ඇය රූරුජින තරගාවලි කිහිපයකට සහභාගී වි ඇති සුරූපිණියක වන අතර 2019/2020 වසර සදහා වන ''ලිට්ස් මිස් ප්‍රින්සස් ඔෆ් ද වර්ල්ඩ් '' ලෝක තරගාවලියේ දෙවැනි ස්ථානය ස්ථානය ද ජයග්‍රහණය කළාය. 

බොට්ස්වානා හී පිලක්වේ ප්‍රදේශයේ පදිංචි ගිම්හානි එරට ලිවින්ස්ටෝන් කොලෝබෙන්ග් කොලීජියේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක ද වන්නීය. 

ගිම්හානි පෙරේරා ගේ පියා වන බන්දිත පෙරේරා මහතා බොට්ස්වානා හී ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු 1990 වසරේදී බොට්ස්වානා වෙත පදිංචියට ගොස් ඇත. 

෴ තිළිණි ද සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom