කාන්තා බහුතරයක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 28, 2021

කාන්තා බහුතරයක් නෑ

අයිස්ලන්තයේ මහ මැතිවරණයෙන් කාන්තාවන් බහුතරයකගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තේරී පත්ව ඇති බව මුලින් පෙනී ගිය ද ඡන්දය නැවත ගණන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති වැඩිදෙනා පිරිමින් බව වාර්තා වේ. 

එරට රාජ්‍ය විකාශන සේවය වන ආර්.යූ.වී. සේවය සිය රූපවාහිනි සේවය මඟින් ඒ බව වාර්තා කර තිබිණි. අයිස්ලන්තයේ මහ මැතිවරණය ඉකුත් දා (25) වැනිදා පැවැත්විණි. 

අයිස්ලන්තයේ පාර්ලිමේන්තුව ආසන 63කින් සමන්විත අතර මුලින් කරන ලද ගණනය කිරීම්වලට අනුව පාර්ලිමේන්තුවට කාන්තාවන් 30 දෙනකු තේරී පත්ව තිබිණි. පසුගිය වර මැතිවරණයේ දී තේරී පත්ව සිටි කාන්තාවන්ගේ ගණන 24ක් විය. ඒ අනුව මෙවර වැඩි වීමක් නිරීක්ෂණය වී තිබිණි. 

නැවත වරක් ඉරිදා දිනයේ දී ඡන්දය ගණනය කෙරුණු අතර ඊට අනුව පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි කාන්තාවන්ගේ ගණන 33ක් විය. අයිස්ලන්තයේ ජාතික මැතිවරණ කොමිසම තවමත් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා අවසන් ප්‍රතිඵල නිකුත් කර නොමැති අතර මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමක් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

පාර්ලිමේන්තුවේ පිරිමින්ට වඩා කාන්තාවන් සිටින රටවල් ඇත්තේ තුනක් පමණි. රුවන්ඩාව, කියුබාව සහ නිකරගුවා රාජ්‍ය එම රටවල් ත්‍රිත්වය යි. මෙක්සිකෝවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් දෙකේ පාර්ලිමේන්තු සංයුතිය 50/50 ලෙස ඇති අතර ඒ අනුව කාන්තාවන් සහ පිරිමින් සම සම ව සිටින බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ දත්තවලින් පෙන්නුම් කරයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom