'අන්ධදුන්' තෙලිගු බසින් 'මයිස්ට්‍රෝ' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Sep 22, 2021

'අන්ධදුන්' තෙලිගු බසින් 'මයිස්ට්‍රෝ'

sample-ad-complete-big
Maestro-01
Maestro-02
2018 වසරේ තිරගත වුණු ආයුෂ්මාන් කුරාණා, තාබු සහ රධීකා අප්තේ ප්‍රධාන චරිත නිරූපණය කළ, ශ්‍රීරාම් රාඝවන් අධ්‍යක්ෂණය කළ 'අන්ධදුන්' මතකද?  'අන්ධදුන්' යනු අන්ධයකු ලෙස රඟපාමින් බොරු කරන තරුණයකු මිනීමැරුමක් දැකීමත්, ඉන්පසු එම තරුණයාගේ ජීවිතයට එල්ල වන මරණීය තර්ජනයක් ගැනත් කියැවෙන සියුම් උපහාසයක් කැටි වුණු ත්‍රාසජනක චිත්‍රපටයකි. 

විචාරකයන්ගේ පැසැසුමට පාත්‍ර වුණු 'අන්ධදුන්' සම්මාන රුසකින් ද පිදුම් ලැබීය. 'අන්ධදුන්' චිත්‍රපටයේ කතාවට පාදක කර ගැණුනේ 'ලකෝදර්' නමැති ප්‍රංශ කෙටි චිත්‍රපටයයි. බොලිවුඩ් ආගනමයත් සමඟ බොක්ස් ඔෆිස් චිත්‍රපටක් ලෙස ද ජනප්‍රිය වූ 'අන්ධදුන්' එම ජනප්‍රියත්වය නිසා තෙලිගු බසින් ද නිර්මාණය කිරීම සිදුවිය. ඒ, 'මයිස්ට්‍රෝ' යනුවෙනි. 
maestro-pre-release-event-16x
Maestro
movie_4733_maestro-photos-images-73031
'මයිස්ට්‍රෝ' සඳහා පාදක වන්නේ ද 'අන්ධදුන්' හි කතාව වන නමුත් සුළු වෙනස්කම් කිහිපයකින් යුක්තය. 'මයිස්ට්‍රෝ' මර්ලපාකා ගාන්ධිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයට ප්‍රකට, සම්මානනීය ජනප්‍රිය නළු නිළි කැළක් එක් වී සිටිති. නිතින්, තමන්නා, නාබා නතේෂ්, ජිසූ සෙන්ගුප්තා සහ නරේෂ් ඒ අතර වෙති. අන්ධ පියානෝ වාදකයාගේ චරිතය නිතින් විසින් ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ නපුරු බිරිඳ ලෙස තමන්නා ද චරිත නිරූපණය කරති. 

චිත්‍රපටයේ රූගත කිරීම් කොරෝනා වසංගතය මැද සිදුවූයේ ජෛව බුබුළු ක්‍රමය යටතේය. 'කොවිඩ් 19' වසංගතයෙන් බාධා එල්ල වූ බැවින් මාස දෙකක් රූගත කිරීම් නවතා දැමීමට ද සිදුවුණු බව පැවැසෙයි. රූගත කිරීම් 2020 පෙබරවාරියේ සිට ආරම්භ වුණු අතර පසුගිය ජූනි මාසයේ අවසන් කෙරුණි. හයිද්‍රාබාද්, ගෝආ, ඩුබායි හිදී තිරගත කෙරුණි. 

කොරෝනා වසංගතය හේතුවෙන් සිනමාහල්වල චිත්‍රපට තිරගත නොවන බැවින්, 'මයිස්ට්‍රෝ' Disney+ Hotstar හරහා විකාශය ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් 17 වැනිදාය. 'මයිස්ට්‍රෝ' මිනිත්තු 135 ක ධාවන කාලයකින් යුක්තය. 'මයිස්ට්‍රෝ' චිත්‍රපටය Disney+ Hotstar හරහා විකාශය ආරම්භ වූ අවස්ථාවේ පටන් චිත්‍රපයට යහපත් ප්‍රතිචාර ලැබීම ආරම්භ වී තිබේ. 

'අන්ධදුන්' චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය 'මයිස්ට්‍රෝ' චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම ගැන තමන් සතුටු වන බවත්, 'අන්ධදුන්' චිත්‍රපටයේ ප්‍රවීණ බොලිවුඩ් නිළි තාබු ඉදිරිපත් කළ චරිතය, තමන්ට 'මයිස්ට්‍රෝ' චිත්‍රපටයේ ඉදිරිපත් කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවත්, එය තම රංගන දිවියේ සුවිශේෂී සිදුවීමක් බවත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා තමන්නා පවසා තිබේ. 
242490103_10158942433264213_891365169796693243_n
242496237_10158942433324213_1364343480057778919_n
තාබු යනු තමන් වඩාත් ආදරේ කරන සහ ගෞරව කරන රංගන ශිල්පිනියක බව ද තමන්නා කියයි. තමන් තාබු රඟ පෑ එම චරිතයට සාධාරණයක් ඉටු කර ඇතැයි ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පෙනී යන බව ද තමන්නාගේ ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයේ සඳහන් වෙයි.

නාබා නතේෂ් තෙලිගු සහ කණ්ණඩ චිත්‍රපට හරහා ජනප්‍රිය වුණු නිළියකි. ඇය රංගනයට පිවිසියේ 2015 වසරේ 'වජ්‍රකායා' චිත්‍රපටය හරහාය. මෙය කණ්ණඩ චිත්‍රපටයකි. නාබාගේ පළමු තෙලිගු චිත්‍රපටය 2018 වසරේ තිරගත වුණු 'නන්නු දොචුකුණ්ඩුවාටේ' ය. 
bbc661b275e88c4d788b9f1fbdcc1e72
E1wT7DtVIAEKHjq
2016 දී කණ්ණඩ සිනමාවේ හොඳම නිළියට හිමි 'ෆිල්ම්ෆෙයාර්' සම්මානයත්, 2019 දී තෙලිගු සිනමාවේ නැගී එන හොඳම නිළියට හිමි 'සිමා' සම්මානයත් හිමි කරගැනීමට නාබා සමත් වූවාය. රංගනයට පිවිසියත්, නාබා, කර්ණාඨක තාක්ෂණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු සහ තොරතුරු තාක්ෂණය හදාරා ඇත. රංගනයට පිවිසීමට පෙර ඇය නිරූපණ ශිල්පිනියක වූවාය. 2013 මිස් ෆෙමිනා ඉන්දියා රූප සුන්දරියන් තේරීමේ අවසන් 11 දෙනාගෙන් කෙනකු වූවාය.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad