'මැණිකේ මගේ හිතේ' පුවත් මවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 22, 2021

'මැණිකේ මගේ හිතේ' පුවත් මවයි

දෙස් විදෙස් ආන්දෝලනයක් ඇති කළ යොහානී ද සිල්වාගේ 'මැණිකේ මගේ හිතේ' ප්‍රතිනිර්මාණ ගීතය, දිනෙන් දින පුවත් මවයි. දිනකට නැරඹුම් වාර මිලියන 2 ක් සටහන් කර ඇති 'මැණිකේ මගේ හිතේ' ගීතය, මේ වනවිට 'ඉන්ටර්නැෂනල් වයිරල් ලිස්ට්' ජාත්‍යන්තර ගීත දර්ශකයේ තෙවැනි ස්ථානයට පත් වී අවසන්ය. 

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් පමණක් නොව, මේ වනවිට ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ, ඩුබායි ඇතුළු රටවල් රැසක වැඩියෙන් නරඹන ගීතය වන්නේ ද මෙයයි. 'ඉන්ටර්නැෂනල් වයිරල් ලිස්ට්' ජාත්‍යන්තර ගීත දර්ශකයේ, සිංහල ගීතයක් තෙවැනි ස්ථානයට පත් වුණු පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. 

'මැණිකේ මගේ හිතේ ගීතය' ඉන්දියාවේ ටී සීරිස් ආයතනය මිලදීගෙන ඇති බව ද වාර්තා වේ. ඉන්දියාවේ පමණක් මේවනවිට භාෂා 50 කින් 'මැණිකේ මගේ හිතේ ගීතය' ගායනය සිදුවෙයි. 'මැණිකේ මගේ හිතේ ගීතය' ටී සීරිස් ආයතනය මගින් අනාගතයේ ඉන්දීය චිත්‍රපටයකට ද යොදා ගැනීමට සැලැසුම් කරන බවත් පැවැසෙයි. 

ඊට අමතරව, ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් යොදා ගනිමින් එය ගායනා කරවීමට ද ටී සීරීස් සමාගම සූදානම් වන බව ඉන්දීය මාත්‍ය වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ගීතයක්, ටී සීරිස් ආයතනය මිලට ගත් ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි. ටී සීරිස් යූ ටියුබ් නාළිකාව යනු ලොව වැඩිම ආකර්ශණය දිනූ, විශේෂයෙන් තරුණ තරුණියන් අතරේ ප්‍රකට යූ ටියුබ් නාළිකාවකි. මේ වනවිට ගීත ප්‍රසංග දෙකක් සඳහා යොහානීට ඉන්දියාවෙන් ඇරැයුම් ලැබී තිබේ. 

ලබන 30 වැනිදා නවදිල්ලි ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් හිදීත් ඔක්තෝබර් 3 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදීත් එම ප්‍රසංග පැවැත්වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමන් ආසාවෙන් සිටි බවත් අන්තිමේදී තමන්ට එම අවස්ථාව උදා වුණු බවත්, එය තමන්ය විශ්වස කළ නොහැකි බවත් ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් යොහානී පවසා ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom