ප්‍රහාරකයා පිටුවහල් කරන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 6, 2021

ප්‍රහාරකයා පිටුවහල් කරන්න හදලා

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ඉකුත් දා පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට නවසීලන්ත බලධාරීන් අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතැයි වාර්තා වේ. 

මෙම පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු සහ අනන්‍යතාව හෙළි නොකරන ලෙස එරට මහාධිකරණයක් විසින් මීට පෙර අවස්ථාවකදී නඩු තීන්දුවක් ලබා දී තිබේ. එයින් පනවා තිබූ සීමාව ඉවත් කිරීමත් සමඟ නවසීලන්ත බලධාරිහු සෙනසුරාදා සහ ඉරිදා ඔහු පිළිබඳව තොරතුරු අනාවරණය කළහ. 

අහ්මද් ආතිල් මොහොමඩ් සම්සුදීන් වන හෙතෙම 32 හැවිරිදි වියේ පස්වන අතර හෙතෙම ශ්‍රී ලාංකික දෙමළ මුස්ලිම් ජනවර්ගයට අයත් තැනැත්තකු බව නවසීලන්ත බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත. 

ඔහු ශිෂ්‍ය වීසා යටතේ නවසීලන්තයට පැමිණ ඇත්තේ මීට වසර දහයකට පෙර වන අතර ඒ පැමිණීමෙන් පසු හෙතෙම සරණාගත තත්ත්වය ඉල්ලා ඇති අතර 2013 වසරේ දී ඔහුට සරණාගත තත්ත්වය හිමි වී තිබේ. සම්සුදීන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එක් රැස් කරමින් සිටින බවත් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන්ට කතා කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නලින් තල්දූව මහතා පැවැසීය. 

සම්සුදීන්ගේ පවුලේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කම්පාවටත් මහත් දුකටත් කම්පනයටත් පත් වූ බව සඳහන් කරමින් නවසීලන්ත මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබිණි. සම්සුදීන්ගේ සොහොයුරකු වන අරූස් එම නිවේදනය නිකුත් කර තිබිණි. 

“ඔහු අත්අඩංගුවට පත්වුණාට පස්සේ මාස තුනකට වරක් වගේ මට කතා කළා. අපිට ඔහුගේ වෙනසක් තේරුණා. හැමෝම ඔහුට බනින්න ගත්තා. විශේෂයෙන්ම ඔහුගේ අයියලා දෙන්නා ඔහුට බැන්නා” යැයි සම්සුදීන්ගේ මව පැවැසුවා ය. සම්සුදීන්ගේ මව කාත්නන්කුඩියේ ජීවත් වන්නී ය. 

සම්සුදීන් කාලයක පටන් මානසික රෝගී තත්ත්වවලින් පෙළුණු බවත් ඉකුත් වසර දහයක කාලය තුළ එම තත්ත්වය දරුණු වූ බවත් සම්සුදීන්ගේ පවුලේ සාමාජිකයෝ සඳහන් කළහ. විශේෂයෙන්ම සිරභාරයේ සිටීමත් අධිකරණ කටයුතුවලට (නඩු විභාග) සහභාගී වීමට සිදුවීමත් නිසා ඔහු පීඩාවට පත්වූ බවත් ඔවුහු කීහ. 

“ඔහුට ඔහුගේ විඳවීම්, අසාධාරණය බෙදා හදාගන්න වුවමනා වුණා. ඔහු හිතුවේ ඔහු අසාධාරණයට එරෙහිව සටන් වදිනවා කියලා. ඔහු, ඔහු ව දැක්කේ එහෙම” යැයි සම්සුදීන්ගේ පවුලේ සාමාජිකයෝ සඳහන් කළහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා
උපුටා ගැනීම - Daily Mirror

Classified_Ad

Classified_Ad_News_Bottom