A Passage North මෑන් බුකර් අවසන් වටයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 15, 2021

A Passage North මෑන් බුකර් අවසන් වටයට

ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයකු අනුක් අරුද්ප්‍රගාසම් ‘අ පැසේජ් නෝත්’ නවකතාව ජාත්‍යන්තර මෑන් බුකර් 2021 සම්මානයේ අවසන් වටය සඳහා නිර්දේශ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

ලොව ප්‍රකට කීර්තිමත් සම්මානයක් ලෙස පිළිගැනෙන ‘මෑන් බුකර්’ හෙවත් ‘බුකර්’ සම්මානය යනුවෙන් ද හැඳින්වේ. මෙම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන අතර මේ වසරේ සම්මානය සඳහා කෘති හයක් අවසාන වටයට නිර්දේශ වී ඇත. 

ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ පළ කරන ලද නවකතා සඳහා මෙම සම්මානය පිරිනැමේ. 

දශක තුනක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය, එයින් ඇති වූ කම්පනය, ප්‍රචණ්ඩත්වය මෙන්ම පශ්චාත් රෝමාන්තිකකරණය සම්බන්ධයෙන් මෙම නවකතාවේ ඇතුළත් වේ. මෙවර සම්මානයේ ජයග්‍රාහකයේ නොවැම්බර් 3 වැනිදා නිවේදනය කිරීමට නියමිත ය. 

මීට පෙර අවස්ථාවකදී ද මෙම කෘතිය මෙම සම්මානය සඳහා ම නිර්දේශ වී තිබිණි. අනුක් අරුද්ප්‍රගාසම් කුළුඳුල් නවකතාව වන ‘ද ස්ටෝරි ඔෆ් අ බ්‍රීෆ් මැරියේජ්’ කෘතිය දකුණු ආසියානු සාහිත්‍ය සම්මාන උලළේ ඩී.එස්.සී. සම්මානය දිනාගත් අතර එම කෘතියම ‘ඩිලන් තෝමස්’ සම්මානය සඳහා ද නිර්දේශ විය. 

අනුක් අරුද්ප්‍රගාසම් ඉංග්‍රීසි සහ දෙමළ භාෂා යන ද්විත්වයෙන්ම ලේඛන කටයුතුවල නිරත වන අතර හෙතෙම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජීවත් වෙයි. 

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom