කොවිඩ් රෝගීන්ට උපදෙස් දෙන Covitriage SL - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 14, 2021

කොවිඩ් රෝගීන්ට උපදෙස් දෙන Covitriage SL

යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පසු ඔහුට හෝ ඇයට මතු වන මූලික සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් ලබා දීම සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්වී, ප්‍රාථමික සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය අමත්‍යාංශයේ සහයෝගීත්වයෙන් Covid Triage Application නමින් ස්වයං අගැයුම් යෙදවුමක් (Automated Self Assessment Application) නිර්මාණය කර තිබේ. http://covitriagesl.org/ හරහා මෙම යෙදුමට ප්‍රවේශ විය හැකිය.  

මෙම යෙදවුම (APP)  මඟින් කොවිඩ් 19 ආසාදිත ඕනෑ ම රෝගියෙකුට ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා ගත හැකි ය. කොවිඩ් ආසාදනය වූ පසු රෝගියා නිවසේ රැඳී සිටීම හෝ රෝහලකට ඇතුළත් වීම පිළිබඳවත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම පිළිබඳවත් වන මූලික ගැටලු සඳහා මිනිත්තු දෙකක් වැනි ඉතා කෙටි කාලයක දී නිවැරදි මාර්ගෝපදේශ ලබා දීම මෙම යෙදවුමේ ප්‍රධාන අරමුණ වෙයි. 

කොවිඩ් ආසාදනය වූ පසු රෝගියා නිවසේ රැඳී සිටීම හෝ රෝහලකට ඇතුළත් වීම පිළිබඳවත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම පිළිබඳවත් වන මූලික ගැටලු සඳහා මිනිත්තු දෙකක් වැනි ඉතා කෙටි කාලයක දී නිවැරදි මාර්ගෝපදේශ ලබා දීම මෙම යෙදවුමේ ප්‍රධාන අරමුණ වෙයි. 

ඒ ඒ ආසාදිතයාගේ රෝගී තත්ත්වයන්ට අනුකූල වන ආකාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පරිගණක ආශ්‍රයෙන් රෝගීන්ට ලබා දීම මෙම යෙදවුම හරහා සිදු වේ. එමෙන් ම ආසාදිතයාට සිය ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකතන අංකය ලබා දීමෙන් පමණක් මෙම යෙදවුමේ තොරතුරු ගොනුව වෙත ප්‍රවේශ විය හැකි ය. 

සිංහල, දෙමල,ඉංග්‍රිසි යන භාෂා තුනෙන් ම මෙම ස්වයං අගැයුම් යෙදවුම ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි. යෙදවුම (APP) භාවිතයට ආසාදිතයින් යොමු කිරීම මගින් අනවශ්‍ය ලෙස කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් රෝහල් පිරීයාමේ ගැටලුවට විසඳුමක් ලබා දීමට ද අපේක්‍ෂා කෙරේ. 

එසේ ම කොවිඩ් 19 ආසාදිතයෙකු ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් සැපයීම මෙම යෙදවුම මගින් සිදු කෙරෙයි. මෙම නව යෙදවුම නිර්මාණය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට පෞද්ගලික තොරතුරු තාක්ෂණ අංශයේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් ද සිය දායකත්වය ලබා දී ඇත. 

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පවුල් සෞඛ්‍ය අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා, එම අධ්‍යයන අංශයේ ම කථිකාචාර්ය වෛද්‍ය එස්. විතාන මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ. පී. ලියනගේ මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මදාරා කරුණාරත්න මහත්මිය, Covitriage SL නිර්මාණය කිරීමේ පර්යේෂණ කාර්යයට සිය දායකත්වය ලබා දී ඇත. 

මෙම ස්වයං අගැයුම් යෙදවුමේ ක්‍රියාකාරිත්වය දෙමළ භාෂාවට නැඟීමෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මාර්ෂ් මුතුතම්බි මහතා ද සිය දායකත්වය සපයා ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් වෛද්‍ය කේ.වයි.එම්.ඩී.ඩබ්. කොටුගොඩැල්ල, වෛද්‍ය ආර්.ඒ.එස්.එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ද ආර්.එම්.එච්. විජේසේන, සචිත දිල්ශාන්, පසිදු චින්තන යන මහත්වරුන් ද තොරතුරු තාක්ෂණ ඥානය සපයමින් යෙදවුමේ නිර්මාණ කටයුතු වෙනුවෙන් දායක වී තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom