කටාරයේ ව්‍යවස්ථාදායක මැතිවරණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Oct 3, 2021

කටාරයේ ව්‍යවස්ථාදායක මැතිවරණයක්

sample-ad-complete-big
.com/img/a/
කටාර් රාජ්‍යයේ පළමු ව්‍යවස්ථාදායක මැතිවරණය ඊයේ (2) පැවැත්විණි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, කටාර් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් ගත් වැදගත් දේශපාලන තීන්දුවක් ලෙස මෙම මැතිවරණය ඉතිහාසගත වනු ඇති බවය. 

ඡන්දය ප්‍රකාශ කිරීම කටාර් වේලාවෙන් අලුයම 5 ට ආරම්භ වුණු අතර සවස 3 තෙක් පැවැත්වුණු අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඉන්පසු ආරම්භ විය. 

කටාර් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ෂූරා කවුන්සිලය ලෙසය. ආසන 45 කින් සමන්විත ෂූරා කවුන්සිලයට නියෝජිතයන් 30 දෙනකු තෝරා ගැනීම මැතිවරණය හරහා ජනතා ඡන්දයෙන් සිදුවිය. 

සෙසු ආසන 15 සඳහා නියෝජිතයන් පත් කිරීම සුපුරුදු පරිදි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ අභිමතය පරිදි සිදුවන බව පැවැසෙයි.

කටාර් රාජ්‍යයේ ව්‍යවස්ථාදායක ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව තීරණය කළේ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි ය. ඒ අනුව නව නීති සකස් කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

වයස අවුරුදු 18 ට වැඩි, කටාර් හි උපත ලැබූ වැසියන්ට ඡන්ද වරම් හිමිවී තිබුණු අවුරුදු 30 ට වැඩි කටාර් වැසියන්ට පමණක් ෂූරා කවුන්සිලයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබී තිබුණි. 

 මැතිවරණ දිස්ත්‍රික්ක 30 කට බෙදා ඇති අතර ඒ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් අපේක්ෂකයෙකු බැගින් තෝරා ගැනීම මැතිවරණයෙන් සිදුවෙයි. 284 දෙනකු මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔවුන්ගෙන් වැඩි දෙනා පිරිමින්ය. මැතිවරණයට ඉදිරිපත් වුණු කාන්තාවන් ගණන 30 ක් බව කටාර් පුවත් සේවා වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad