ඉන්දියාවේ එන්නතට WHO අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 4, 2021

ඉන්දියාවේ එන්නතට WHO අනුමැතිය

සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ 'කොවැක්සින්' යන නමින් හැඳින්වෙන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. 

එන්නතට අනුමැතිය හිමිවූයේ එය හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. ඒ අනුව, එම එන්නත ලබා ගත් ඉන්දියානුවන් දහස් ගණනකට කිසිදු බාධාවකින් තොරව විදේශ සංචාරවල නියැලීමට අවස්ථාව උදා වනු ඇත. 

'කොවැක්සින්' යනු ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය සියයට 78 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව 'භාරත් බයෝටෙක්' සමාගම පවසයි. 

අඩු ආදායම්ලාභී රටවලට මෙම එන්නත සුදුසු බවත්, පහසුවෙන් ගබඩා කළ හැකි බවත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම වැඩි දුරටත් පවසා ඇත. එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර සති 4 කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ලබා ගෙන ඇත්තේ ද මෙම එන්නතය. 

ඉන්දීය රජය සහ 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවැක්සින්' එන්නතට අනුමැතිය ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේ පසුගිය සැප්තැම්බරයේය. කෙසේ නමුත් එය දිනෙන් දින ප්‍රමාද වෙද්දී, විදේශගතවීමට නියමිත ඉන්දියානුවන්ගෙන් ඉන්දීය රජයට දෝෂාරෝපණ පවා එල්ලවිය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් අනුමත කළ එන්නත් සියල්ල ලොව සෑම රටක් ම පිළිගන්නා අතර, නිරෝධායනට ලක් නොවී, බාධාවකින් තොරව විදේශ සංචාරවල නියැළීමට එම එන්නත් ලබා ගත් අයට අවසර ලැබේ. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom