රෝද පුටුව නිසා ඇතුළු වෙන්න බැරිවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 3, 2021

රෝද පුටුව නිසා ඇතුළු වෙන්න බැරිවෙලා

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව පැවැත්වෙන දේශන ශාලාවට ඇතුළු වීමට රෝද පුටුවකින් ආ ඊශ්‍රායල් අමාත්‍යවරියට එ් සඳහා අවස්ථාව නොලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සමුළුව පැවැත්වෙන දේශන ශාලාව සකස් කර නොතිබීම ය. රෝද පුටුවෙන් පැමිණියේ ඊශ්‍රායලය නියෝජනය කරමින් සමුළුවට සහභාගී වන නියෝජිත කණ්ඩායමේ කැරීන් එල්හරර් නමැති අමාත්‍යවරියයි. 

මැය ඊශ්‍රායලයේ බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරියයි. 
සමුළුවට ඇතුළු වීමට නොහැකි වූ බැවින්, අමාත්‍යවරියට පැය දෙකක කාලයක් දේශන ශාලාවෙන් පිටත රැඳී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ. 

ගැටලුව සම්බන්ධයෙන් සමුළුව සංවිධානය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ඊශ්‍රායලය අමාත්‍යවරියට කනගාටුව පළ කළ බවත් ඇයගෙන් සමාව ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom