විස්සයි 20 ශූරයෝ ඕස්ට්‍රේලියාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 15, 2021

විස්සයි 20 ශූරයෝ ඕස්ට්‍රේලියාව

සිය පළමු විස්සයි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම  සමත් විය. තරගය ආරම්භයේ දී  කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබාදීමටය. 

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 85ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 28ක් රැස් කළේය. 

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් දවා ගත් අතර ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය. 

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් රැස්කළ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය. 

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය නිමාවට පත් විය.

෴ උපුටා ගැනීම - ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom