ඩුබායි ප්‍රසංගයට යොහානී සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 21, 2021

ඩුබායි ප්‍රසංගයට යොහානී සූදානම්

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිගායනා කිරීම නිසා ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ලබන මස 02 වැනිදාට යෙදී ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය දා ඩුබායි නුවර සංගීත ප්‍රසංගයක් සදහා සහභාගී වන බව කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 

යොහානි ද සිල්වා එක්වන මෙම සංගීත ප්‍රසංගය 02 වැනිදා ඩුබායි ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී සවස 6.30 ට ආරම්භ වන අතර ඇයගේ ගීත ඉදිරිපත් කිරීම් ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ගීත මිශ්‍රණයක් ඇතුළත් වන බවද එම මාධ්‍ය වාර්තා සදහන් වේ. 

ඩුබායි .ප්ලැටිනම්ලිස්ට්‌ ඩොට් නෙට් (dubai.platinumlist.net )වෙබ් අඩවියට අනුව, යොහානි දායකත්වය දක්වන මෙම සංගීත ප්‍රසංගය දකුණු ආසියාතික ප්‍රේක්ෂකයින් වෙත යොමු කෙරෙන ශ්‍රී ලාංකීය දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සංගීත සංදර්ශනයක් වන බවද සදහන් වේ. 

යොහානි ලබන වසරේ මාර්තු මුල් සතියේ දී ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ සංදර්ශනයක්ද පැවත්වීමට නියමිතය. 

නව පරපුරේ ගායක සතීෂාන් රත්නායක ගායනයෙන් , දුලාන් අල්විස් ගේ පද රචනයෙන් හා චමත් සංගීත් ගේ සංගීත අධ්‍යක්ෂණය කළ 'මැණිකේ මගේ හිතේ’ ගීතය යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කිරීමත් සමග එය මේ වන විට යූ ටියුබ් ඔස්සේ කෝටි 18කට වැඩි පිරිසක් නරඹා ඇති අතර ලොව භාෂා රැසකින්ද අනුවාද කිහියක් යූ ටියුබ් ඔස්සේ අන්තර්ජාලයට එක් කර ඇත. 

'මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රති ගායනා කිරීමෙන් ලැබූ අතිශය ජනප්‍රියත්වය හේතුවෙන් යොහානි සිය ප්‍රථම ජාත්‍යන්තර සංගීත ප්‍රසංග දෙක ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා සහ ඔක්තෝබර් 03 වැනිදා ඉන්දියාවේ ගුරුග්‍රෑම් හා හයිද්‍රාබාද් නගර වලදී අති සාර්ථක ලෙස පවත්වනු ලැබීය. 

෴ තිළිණි ද සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom