ඉරානයේ හරි අඩකට එන්නත් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 21, 2021

ඉරානයේ හරි අඩකට එන්නත් ලැබිලා

ඉරාන ජනගහනයෙන් හරි අඩකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් යැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. ඉරානය යනු 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූ දා පටන් එයින් දරුණු ලෙස බැට කෑ මැදපෙරදිග රාජ්‍යයයි. 

ඉරානය දරුණු ලෙස 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන්න වූයේ, ඇමෙරිකාව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක නිසාය. ඉරානයට සම්බාධක පැනැවීමක් සිදු කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයයි. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි. 

ඉරානයේ ජනගහනය මිලියන 83 කි. ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, මේ වනවිට මිලියන 44.2 කට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයකට ලක් කර අවසන්ය. එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් ඉරාන වැසියන් ගණන මිලියන 12.2 ක් යැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි. 

ඉරාන වැසියන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් ලැබෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ද ඉරානයට නොමිලේ එන්නත් ලැබේ. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'ස්පුට්නික්', 'සයිනෝෆාම්' ඒ අතර ඇත. ඊට අමතරව, ඉරාන විද්‍යාඥයන් ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ද ඉරාන වැසියන්ට ලබා දීම සිදුවෙමින් පවතී. 

ඉරාන උත්තරීතර නායකයා ලබා ගත්තේ මෙම දේශීය එන්නතය. මේ වනවිට ඉරානයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 6 ක් බවත්, මරණ 1,29,000 පසු කර වාර්තා වන බවත් පැවැසෙයි. සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ මෙම ගණන් මීට වඩා වැඩිවිය හැකි බවය.

ප්‍රමාද වී සිදුවුණු සාර්ථක එන්නත්කරණයක් සමඟ ඉරානයේ 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බව ද සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී තිබේ. ඒ අනුව, ඉරාන වැසියන්ට පනවා තිබුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කරමින්, නීති ලිහිල් කිරීමට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom