ප්‍රතිවාදීන් වූ පාසල් මිතුරෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 14, 2021

ප්‍රතිවාදීන් වූ පාසල් මිතුරෝ

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානමින් පවතී. මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අසල්වැසියන් වන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවය.
 
අවසන් මහා තරගයට පෙර පැවති අවසන් පූර්ව තරගය දෙකේ දී විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් සහ ඕස්ට්‍රේලියා ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්ගේ ක්‍රීඩා විලාශයන් අවසන් මහා තරගයේ දී සිය කණ්ඩායම් දෙකට වැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පැවැසෙයි. 

සුවිශේෂී සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රතිවාදීන් ලෙස තරග වදින ඩැරල් මිචෙල් සහ මාකස් ස්ටොයිනිස් පාසල් වියේ මිතුරන් වීමය. ඩැරල් මිචෙල් සහ මාකස් ස්ටොයිනිස් දෙදෙනා 2009 සිට 2010 තෙක් කාලයේ ඕස්ට්‍රේලියාවේ ස්කාර්බරෝ විද්‍යාලයේ ස්කාර්බරෝ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබේ. 

෴ උපුටා ගැනීම - ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom