T20 අවසන් තරගය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 14, 2021

T20 අවසන් තරගය අද

ඔක්තෝබර් 16 වනදා අප ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද (14) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. 

පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී නවසීලන්තය, ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් අවසන් තරගයේ ස්ථානය තහවුරු ගත් අතර, ඔස්ට්‍රේලියාව දෙවන අවසන් පූර්ව තරගයේදී මෙවර ලෝක කුසලානයේ අපරාජිත එකම කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කරමින් අවසන් තරගයට පිවිසුණි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.  කෙසේ නමුත්, ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි. 

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි 20 තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි. එමෙන්ම පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දෙරටේ ක්‍රීඩකයන් එකිනෙකා හමුවන දෙවන අවස්ථාවද මෙයයි.

෴ උපුටා ගැනීම - ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom