නාවික හමුදාවෙන් පාසල් දරුවන්ට තෑග්ගක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 1, 2021

නාවික හමුදාවෙන් පාසල් දරුවන්ට තෑග්ගක්

දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ දුෂ්කර පාසල් දෙකක් සංවර්ධන කර සිසු අයිතියට පත් කර ඇත. 

නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් හුංගම ඇත්බටුව කණිෂ්ඨ විද්‍යාල සහ සූරියවැව විරියගම මහා විද්‍යාලය පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උලුගේතැන්න යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රධානාත්වයෙන් මෙම පාසල් දෙක සිසු අයිතියට පත් කිරීම සිදු විය. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සෑම නාවික විධානයක් යටතේ ඇති අඩු පහසුකම් සහිත පාසල් 8 ක් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්යාකපෘතිය යටතේ දකුණු නාවික විධානය මඟින් හම්බන්තොට දිස්ත්‍රිකයේ තෝරාගත් මෙම පාසල් දෙක සංවර්ධනය කිරීම සිදුකර ඇත.

෴  ඉන්දිකා රාමනායක
   උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad