එමාෂා රංගනයට පිවිසියේ, 2018 දෙරණ සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලදීමෙනි. මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ ද එමාෂාගේ රුව දකින්න ලැබේ. එමාෂාගේ ගම් පලාත බදුල්ලය. ඇය කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියකි.
![](https://blogger.googleusercontent.com/img/a/AVvXsEiTzE2mdX41aNsjubSrKvPFkzOG9jfbrUDyGYvalmanw4mHE_625XAIv4jYHP1oLN8savsyWlLTJ3VsQtfB3Naj_upYVFtxiXOBRss33TfBAmVs9jefW43R71s3eLuJ3AWsGsCFElegNCMgKmOK8JM6GBYvC_aRuWA42BiJS7yIZmlIbNnS4XZhfCfT1w=s16000)
![](https://blogger.googleusercontent.com/img/a/AVvXsEjETQnztShhawpILNT2R0nRkJeQr-kc4_WebMd2y-bs0hQgcv81W18r3-y76V4z-vbtGbVO08vdzuiFGDpiyZjGHC5QmxQUX-LHHKEVI3X0Y1nls3OANMLSu-uU_JnPPSXRjueEJjKglnUxRAOjTE6BflafXB674FcTtXjPGXoOlzSKaT97sClSltgDpg=s16000)
![](https://blogger.googleusercontent.com/img/a/AVvXsEhSs1Ed0Nx0nvI3AcsVCxOFRq5THtTRAuS8Gmycmlfyd3kWn76SvuGzxJ7fDpTkMZ5MwUDXeUTJbQ9OqGF8AH3oRoybQt02olWc9gbQhWoYBqe1JfNf0ryOdDvIWR3PrctQGx0e0yGiucTzkWkhOl5LR4no3L9KLv4y70IvjuAPOJKSY6mfPzWRWaXWkg=s16000)
![](https://blogger.googleusercontent.com/img/a/AVvXsEg5OWNDjYh3gQmNtLSswxHXWZxXlzCb_2szJRVArLf_mW2Z8SaqfVKtJrfXCYCL04GwSJNBI1ktokA7vKoUfzT7QZOvzyr0odRKvvQwahGQsZj1IEFQeQiUOcNWwhSIqidAVqPdLHTm5-Hbt380C1alOW_FgmZx6anD-7QVmO3k6ui67Sx2HjUDximqyQ=s16000)
![](https://blogger.googleusercontent.com/img/a/AVvXsEhJE4whvx7jqDuZXlSvDWd2SPelv3Pl7GPgj0b6s5iBvF-igo_wbOAFkVdNCnDCNNSPsKYudFtNdwe5c2SZMH_xDmzPaHnzQhbUOZHP3ggqXgZHGbna0qTzDXKiBDD1HUIDt2_d0XAiwsvwD7pquX07eXa8rcMC8zkhbcORKY8ihiUp-Cv62DkDtX_LyQ=s16000)
එමාෂා පුංචි කාලේ ඉඳන් රඟපානවද?
අපෝ නැහැ. පුංචි කාලේ ඉඳන්ම නිළියක් වෙන්න හිතාගෙන උන්නා. නමුත් අවසානයේ අධ්‍යාපනය ඉවර වෙලා තමයි නිළියක් වුණේ.
කොහෙද ඉස්කෝලෙ ගියේ?
මගේ ගම බදුල්ල. මූලික අධ්‍යාපනය බදුලු විහාර මහා දේවී විද්‍යාලයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මහනුවර උසස් බාලිකාවේ ඉගෙනගෙන ආපහු උසස් පෙළ කරන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ගියා.
රඟපාන්න එන්නේ කොහොමද?
හරිම අහම්බෙන් වුණේ. මගේ මල්ලි කලාවට සම්බන්ධයි. බදුල්ලේ ඉඳලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න කොළඹ ආවා. එතැනදි මගේ ඡායාරූප වගයක් දැකලා තමයි දෙවැනි ඉනිමට එන්න අවස්ථාව ලැබුණේ.
රංගනය ගැන අවබෝධයක් තිබුණද?
මීට කලින් වෙළෙඳ දැන්වීම් දෙකක් විතර කරලා තිබුණා. මල්ලි කලා ක්ෂේත්‍රයේ නිසා බොහෝ අය හඳුනනවා. දෙවැනි ඉනිමත් මම ප්‍රිය කරන නාට්‍යයක්. මම කැමැත්තෙන්ම බලපු නාට්‍යයක රඟපාන්න ලැබීම වාසනාවක් හැටියට තමයි මම දැක්කේ.
එතකොට ඉගෙනීම් කටයුතු?
උපාධිය සම්පූර්ණ කළේ දෙවැනි ඉනිම රඟපාන අතරතුරේ. උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න උන්නේ. නමුත් දෙවැනි ඉනිම නිසා විශේෂ උපාධිය ලංකාවේ ඉඳන්ම කරන්න තීරණය කළා.
සතුන්ට කැමැතියි නේද?
පුංචි කාලේ ඉඳලම සත්තුන්ට කැමතියි. විවිධ වර්ගයේ බල්ලෝ හත්දෙනෙක් ඉන්නවා. ගිනිපික් කෙනෙකුත් ඉන්නවා. ඉස්සර හාවෝ 200ක් විතර උන්නා. හාවෝ හදන්න ලැබුණේ අහම්බෙන්. අපි ගෙදර කට්ටිය ගමනක් ගිහින් එනකොට ගොවිපොළක හාවෝ පණපිටින් මසට විකුණන්න දාලා තිබුණා. මම ඒ හාවෝ සල්ලි දීලා ගෙදර ගෙනාවා. අන්තිමට දෙසීයකට වඩා බෝවුණා.
රන්මිණීගේ චරිතය ගැනත් කතා කරමු ?
කොවිඩ් නිසා නිවසේ අයගේත්, රටේ සියලූ දෙනාගේත් ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු පුරවැසියෙක් විදියට මම නිවසටම වෙලා හිටියා. රඟපෑමට ලැබුණ ආරාධනා සීමා කළා. හිතුවක්කරි ටෙලි නිර්මාණයට මා සම්බන්ධ වුණේ ඔය අතරේ. මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතා අතින් ලියැවුණු හිතුවක්කාරී ටෙලි කාට්‍යයේ අධ්‍යක්ෂණය ජී. නන්දසේන මහතායි. නිෂ්පාදනය කුෂාන් ටෙලි ෆිල්ම්ස්. හිතුවක්කාරී ආදරය, කුතුහලය ,සිනහව මුසුවුණු සියලූ දෙනාටම නැරඹිය හැකි අපූරු කතාවක්.
෴ උපුටා ගැනීම සහ ඡායාරූප -
අන්තර් ජාලය සහ මුහුණු පොතෙන්