ජැකලින්ගේ ඩුබායි ගමනට බාධා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 6, 2021

ජැකලින්ගේ ඩුබායි ගමනට බාධා

ජැකලීන්, සුකේෂ් සමඟ

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බොලිවුඩ් සුරූපිනී ජැකලින් ෆර්නැන්ඩස් ඩුබායි බලා යෑමට මුම්බායි ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේදී ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරින් ඇය ආපසු හරවා යැවීමට කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

ජැකලින් ඩුබායි බලා යෑමට සූදානම් වූයේ, ඩුබායි හි පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට යැයි පැවැසෙයි. ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ජැකලින්ට ද චෝදනා එල්ල වී ඇත.

ආගමන විගමන නිලධාරින් ඇය රටින් පිටවීම වළක්වා ඇත්තේ ඒ නිසාය. එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයයි. ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරින් මීට පෙර අවස්ථාවකදී එම චෝදනා සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කළ බව ද වාර්තා විය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරින් කියා සිටියේ, තමන් ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා පමණක් බවය. 

ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශන ආරම්භ කර ඇති අතර, එම විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ජැකලින්, සුකේෂ්ගෙන් රුපියල් කෝටි 10 ක තෑගි ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ජැකලින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවූයේ ඒ අනුවය. ලක්ෂ 52ක් වටිනා අශ්වයකු සහ ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලකු ද ජැකලීන්ට ලැබුණු ත්‍යාය අතරේ ඇතැයි පැවැසෙයි. 

මීට අදාලව ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරින් ජැකලින්ගේ සමීපතමයන්ගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. එම ප්‍රශ්න කිරීම්වලදී චන්ද්‍රසේකර් පවසා ඇත්තේ ජැකලින්ට තමන් මෝටර් රථයක් තෑගි දුන් බවය. 

කෙසේ නමුත් ජැකලීන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ, කිසියම් පාර්ශ්වයක් ඇගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ ගන්නා බවටය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom