තෙන්ඩුල්කාර් දියණියගේ හැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 11, 2021

තෙන්ඩුල්කාර් දියණියගේ හැඩ

සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය 24 හැවිරිදි සාරා තෙන්ඩුල්කාර් ගැන මේ දිනවල කසුකුසුවක් පවතී. ඒ ඇය, නිරූපිකාවක ලෙස ඉන්දියානුවන්ගේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද අවධානය දිනා සිටින බැවිනි. 
සාරා, සචින් සහ අංජලී තෙන්ඩුල්කාර්ගේ වැඩිමහල් දරුවායි. මුම්බායි හි පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් වෙතින් වෛද්‍ය උපාධිය ලබා ගත්තාය. 
වෘත්තියෙන් ළමා රෝග විශේෂඥවරියක වන ඇගේ මවගේ අඩිපාරේ යමින් සිටින සාරා අතර විනෝදාංශයක් ලෙස නිරූපණයටද ළැදිය. සාරා තෙන්ඩුල්කාර් නිරූපිකාවක ලෙස පෙනී සිටින්නේ, ලෝ සුපතල Ajio Luxe විලාසිතා සඳහාය. හැබැයි ඒ තනිවම නොවෙයි. 
'October' චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ බනීටා සන්දු සහ ටානිෂා ෂ්රෝෆ් ද ඇය සමඟ Ajio Luxe විලාසිතා සඳහා පෙනී සිටිති. සාරා නවීන විලාසිතාවලින් හැඩවුණු ඇගේ රුව සහිත ඡායාරූප සහ වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම ඡායාරූප සහ වීඩියෝවලට බොලිවුඩ් නළු නිළියන්ගෙන් පවා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී‍. 
සාරා මේ දක්වා බොහෝ දුරට ජනප්‍රිය මාධ්‍ය වලින් ඈත්ව සිටි තැනැත්තියකි. ඒත් එතවදුරටත් එය එසේ නොවෙයි. සචින් සහ අංජලී යුවළට පුතකු ද සිටී. ඔහු අර්ජුන් තෙන්දුල්කාර් වන අතර අර්ජුන්, සාරාගේ බාල සොහොයුරාය.‍ අර්ජුන් තෙන්දුල්කාර් පියාගේ අඩිපාරේ යන බව පෙනෙයි. ඔහු IPL 2021 වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් විසින් තෝරා ගනු ලැබූ නමුත් කිසිදු තරඟයකට ක්‍රීඩා කළේ නැත.‍

Classified_Ad

Classified_Ad_News_Bottom