කාන්තාවන්ට හිරිහැර කිරීම දෙවියන්ට අපහාසයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 2, 2022

කාන්තාවන්ට හිරිහැර කිරීම දෙවියන්ට අපහාසයක්

කාන්තාවන්ට හිරිහැර කිරීම, දෙවියන් වහන්සේට කරන අපහාසයක් යැයි නව අවුරුදු දා දේව මෙහෙයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙන්වා දුන්නේය. නව අවුරුදු දා දේව මෙහෙය පැවැත්වූයේ ශාන්ත පීතර බැසිලිකාවේය. 

මාතෘත්වය සහ කාන්තාව යන තේමා දේව මෙහෙයට පාදක විය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වහා නැවැත්විය යුතු යැයි පාප්තුමන් එහිදී අවධාරණය කළේය. 

ජීවිතය දෙන්නේ මවුවරුන් බවත්, ලෝකය එකට බැඳ තබන්නේ කාන්තාව බවත් මවුවරුන්ට ගරු බුහුමන් දැක්වීම සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සැමවිටම ඉතාමත් වැදගත් බවත් ෆ්‍රැන්සිස් පාප්තුමා පැහැදිලි කළේය. 

නව අවුරුදු උදාව නිමිත්තෙන් 31 සන්ධ්‍යාවේ ද දේව මෙහෙයක් පැවැත්විණි. පාප්තුමන් ඊට සහභාගී වූයේ දේවස්ථානය කෙළවර පිහිටි දොරටුවෙනි. පාප්තුමන් එම දේව මෙහෙයේ මුලසුන හෙබවූයේ නැත. 

85 හැවිරිදි පාප්තුමන් දණහිස් ආබාධයකින් පෙළෙන බවත්, වැඩි වේලාවක් සිටගෙන සිටීමට නොහැකි බවත් ඇවිදීම අපහසු බවත් වතිකානය පවසා තිබේ. 

කෙසේ නමුත් ඊයේ (1) අවුරුදු දා පැවැති දේව මෙහෙය පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු අතර, පාප්තුමන් ශාන්ත පීතර් බැසිලිකාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී රැස්ව සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමින් දේව මෙහෙය පැවැත්වීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad